Saturday, March 14, 2020

______ දින 28කට වරක්,
අලුත් වන,
       ගැහැණියකගේ
දිනපොත ______

ඇල දොල වෙල් නියර
අතර දුව පැන ගෙවූ කාලය
හොර රහසේම ඉගිල ගිය
කිසිදා අමතකව නොයන
දිනක් ඇත
ගැහැණු සිත තුල
සුන්දරව රක්ත වර්ණයෙන්
හැඩ වුන....

කොටුවී අදුරු කුටියක
නොපෙනී පිරිමි පුලුටකුත්
ඇල් දියට ඇනූ බත
කෙසේ අමතක වම්ද,
තැම්බුම් හොද්දක රසය
කොලපතේ ඔතා
කොන්ද තැවූ
බත් මුලත් සමග
කැව්ව....

බැලූ වේලපත්කඩද
සුබ වූ දිනය ගෙන
ගමටම යහමින්
කොටහලුව කියා
මගුල් සිරිය ඇත
ගෙපැල පිරුමට....

සුදු රෙදි වසා සීත
අලුයම
ගැහෙන කිටි කිටි සීතලේ
මව් අතින් ඔසු පිරුනු
කලය ගෙන සෙනෙහසින්
දිය නාපු මතකයන්
ගලයි සිත
නහවන්න...

දෙපය අසල බිදූ කලයේ
කැබලි නැවුම් සුවදකට
නහය හුරු වූ දිනය
කිරි ගසට කෙටුව හැටි
වැටුනු කිරි බිදු
සේම
ගලාවිත් මතක පොත....

දොරකඩම තබා ඇති
පුවක් මල වට කෙරුව
වී කන්ද අතර තිබු
පහන් එකිනෙක නිව්ව,
දිනගානකින් දුටුව
කණ්ණාඩි මුහුනතේ
දුටු මුහුන තාමත්
මා මැයිද සැක බෝම...

පෙර මෙන් නොවේ දැන්
කණ්ණාඩි මුහුනතේ
පිරුනු කම්මුල් පුරා
රෝස පැහැ ඉතිරේ
යෞවනය උතුරනා
ගැටිස්සියකි ඇත්තේ....

ඒ දිනේ ගෙවුව හැටි
ගැහැනු නෑ අමතක කලේ
ඒ කාලේ ඒ දිනේ
එනකන්නේ හිටියේ
වටේ පිටේ කෙල්ලෝ
ජම්බු ගහෙන් වැටුනේ
මාත් වැටෙනා තුරුනේ
අපි බලා උන්නේ....

ගැහැණු කමේ වේදනාව
නෑ එදා හැගුනේ
ඒකයි ඒ තරම් පෙරුම්
පුරා උන්නේ .....

අද නම් හැගෙන්නේ
කුමක්ද මේ වූවේ
බොහෝ අසීරු කාලයක්
ගැහැනු සැම ගෙවන්නේ....

දින 28ට වරක්
එය අලුත් වන්නේ....
ලොවට නොපෙනී
සගවන්නේ කෝම
දවස තිස්සේම සිත ගැස්සී
ඇත්තේ....

ගැහැනියට උරුම දේ
මේ තමයි දිවියේ
"ඔසප් චක්‍රය"
සුන්දර නොවන්නේ....
ගැහැනු හරි පුදුමයි
මේ තරම් දුක්
දරන්නේ....

        ***  නිශී ***

දඹාන වැදි ජනතාවගේ මාධ්‍ය භාවිතය පිලිබද සොයා ගිය ගමන.....!!!

විකාශනය ITN මාධ්‍ය ජාලය
දිනය -: 2020.03.14
වේලාව -: පෙ.ව 12.00 දහවල් පුවත් විකාශය
පරීක්ශන කණ්ඩායම -: මා ඇතුලු කැලණි විශ්ව විද්‍යාලීය ජනසන්නිවේදන ඩිප්ලෝමාධාරීන්ගේ 16වන කණ්ඩායම....