.... බිදුනු තැන් වලින්මයි,
දළු දාලා වැඩෙන්නත් ඕනි ..... 🍃🍃🍃
මිනිස්සු හරිම අකමැති
දෙයක් තමයි
අනිත් මිනිස්සුන්ට
හරියනවා බලන් ඉන්න එක,
හැමෝම නොවුනත්
බහුතරයක්ම එහෙමයි.......
මිනිස්සු වැඩියෙන්ම ආස
තමං ලග ඉන්න අය
වැටෙනවා බලන්න
අඩනවා බලන්න
විදවනවා බලන්න
තැවෙනවා බලන්න......
මිනිස්සු කැමති නෑ
තව කෙනෙක් නැගිටිනවට
සතුටින් ඉන්නවට
ජීවිතේ දිනා ගන්නවට......
මිනිස්සු හරි කැමතී
අනිත් මිනිස්සු
වැටෙන දිහා බලන් ඉන්න
ඒ දිහා බලන් තෘප්තියක් ලබන්න......
මතක තියා ගන්න,
මේ ජීවිත කාල පරාසය තුල
ඔබ
අනන්ත අප්‍රමාණ ඇදවැටෙයි,
සිතින් ගතින් දෙකෙන්ම
ඒ දැකලා මිනිස්සු,
සතුටුවෙයි
ඔබට ඇගිල්ල දිගු කරමින්
නොයෙක් කතා කියයි
ඔවුන් ඔබේ ඇදවැටීම් හමුවේ
ස්වයං තෘප්තියක් ලබයි.....
නමුත්,
කොයිම ලෙසකින්වත් ඔබ
ජීවිතය අත් අහරින්න එපා
ඔබ ඔබවම ශක්තිමත් කරගන්න
ඔබවම දිරිමත් කරගන්න......
දවසක ඔබ ආ මග දිගේ
හැරිලා බලද්දී
ඔබටම ඔබ ගැන ආඩම්භර
හිතෙන තැනට ජීවිතය දිනා ගන්න......
චීන උණගසක් වගේ
දළු දාගෙන නැගිටින්න
පුරාවෘත්තයක් වෙන්න බැරි වුනත්
ඔබේ කතාවේ වීරයා ඔබ වෙන්න
පුලුවන් තරමට ජීවිතය දිනා ගන්න.......
*** නිශී ***
No comments:
Post a Comment