සුදන ගති වැලළිලා,
දුදන ගති මතුවෙලා,
බුදු සාදු කියාදුන්,
දහම් අමතක වෙලා.
මල් පිපුන පාර දිග,
කටු අකුල් මතු වෙලා,
ඇවිදගෙන යන්න බැහැ
පාර වල් බිහි වෙලා.
ගිරි දුර්ග - වන දුර්ග,
මග දෙපස අවුරලා,
මන් මුලා වි හිදි,
මිනිස් හිත තනි වෙලා.
හිමියනේ වඩිනු මැන,
මිනිස් ලොව දෙස බලා,
ඔබ නොයන මොහොතකදු,
සසර අපි තනි වෙලා
No comments:
Post a Comment