Sunday, April 5, 2020

හිතට නිදහසක් නොමැති දින ගනනාවක්,

මරනය පැමිනියාවත් නොදැන,
මරනය කරා ගිය පිරිසක්,

මරනයට හේතුව වත් නොදන්නා,
මිනියවත් නොතිබූ පිරිසක්,

මව් ඇකයේ සුව විදිමින්ම,
සිගිති සිනා වියැකුනු රටක්,

එකම ලේ විලක් වූ,
රටක් හැඩූ දිනක්,

කාත් කවුරුත් නැති,
අසරනයන් තනි කල හෝරාවක්,

හෙටක්  තියා,
අදක් නැති රටක්,

මර බියෙන් සුසුම් ලන,
හද ගැහෙන ජීවිතයක්,

අපේ කම වෙනුවෙන්,
හද කකියන කැක්කුමක්,

රටක් වෙනුවෙන් දිවි පුදන,
විරුවන් ඇති බිමක්,

ජාති, ආගම්, බේධ නොතිබුනු,
ඒත් සියල්ල වෙනස් වූ හෙටක්,

පිට රැටියන් බිලී බා ගන්නා,
යෝධ තල්මසෙක් වූ රටක්,

බුදුන් තෙවරක් වැඩි බිමට,
වුනේ ඇයිද මේ විපතක්....

( 2019.4.21 සිදුවූ කේදවාචකය වෙනුවෙන් සටහනකි.)

       *** නිශී ***

No comments:

Post a Comment