කොස් නොහොත්
හෙරලි.....
බත් ගස නැත්නම් කොස් ගස ගමේ හැම ගෙදරකම වැට මායිමට වෙන්නට අදටත් දකින්න පුලුවන්.
කොස් වාරෙට කොස්, පොලොස් කාලෙට පොලොස් මාලු , පොලොස් අච්චාරු, පොලොස් මැල්ලිම , පොලොස් පැහිය මේ ඕනේවිදිහකට හදා ගන්න පුලුවන්...
වර්තමානයේ බොහෝ සුපිරි වෙලදසැල් වලත් මිලදී ගන්න පුලුවන් විදිහට කොස් , පොලොස්, වැල , වරකා තියෙනවා.
අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මිනිස්සු ගෙවල් වලට කොටු වෙලා. කන්න බොන්න දෙයක් වත් ගන්න බෑ. ගන්න ගියත්පොරකන්න වෙලා. ඒත් ගමේ අපිට හාල් ටික තියෙනවා නම් කොස් ගෙඩියක් හොයන් උයා ගත්තම මාලු 2ක අඩුව පිරෙනවා. ඒවගේම පොලොස් ගෙඩියක් උයා ගත්තොත් දවස් දෙකක්වත් කල් තියා ගන්න පුලුවන්.
ග්‍රාමීය බොහෝ දෙනෙක්ගේ කුසගින්න නිවා ගන්න බත් ගස එදා තරම් අදත් උපකාරී වෙනවා. ඒ වටිනාකම අද හොදටමදැනෙනවා. ඉතින් නගරාසන්න බොහෝ දෙනෙක්ට කොස් ටිකක්වත් නෑනේ කියලා හිතෙනවා ඇති.
~ හොදම දේ, පුලුවන් නම් පොඩි හරි ඉඩක් තියේ නම් බට් කොස් ගසක් හෝ නගරාසන්න ඔබා ඉඩ කඩේ හිටුවන්න. කවදහරිආයෙත් ඒ වටිනාකම අද වගේම හොදටම දැනෙයි. අඩුම තරමින් කොස් ඇට ටිකක් වැලි යට දාලා වැලි කොස් ඇට ටිකක්වත්හදන් කන්න තියෙයි කෑම අර්බුදයක් ආවොත්.... ~
මේ නිකන් අදහසක් විතරයි.....
තුන් වේලටම හරි කන්න කොස් පොලොස් ටිකක් හොයාගන්න පුලුවන් නේද කියලා මතක් උනු නිසයි මේ සටහන තියන්නහිතුනේ....
*** නිශී ***
No comments:
Post a Comment