Sunday, July 26, 2020

_____ ජීවිතේ දිනපු කෙනෙක් 
       හොයා ගන්නවට වඩා වටින්නේ
                   හොයා ගත්ත කෙනත් එක්ක ජීවිතේ 
දිනන එක....... 
         👫🏃🏃‍♀️👫🏃🏃‍♀️👫🏃🏃‍♀️👫

ආදරේ ලස්සන උනේම
බාධක ආපු තරමට
එකතු වෙලා බාධක දිනන
ආදර කතා ශක්තිමත්
කුණාටුසුලි සුලන් වලටත්
ඔරොත්තු දෙන තරමටම.....

හැමදේම තියෙන ජීවිතේ 
දිනපු මිනිස්සු හරි අඩුයි
ඒත් ජීවිතේ දිනන්න 
මහන්සි වෙන
දිණුම හොයන් යන 
ජීවිත ඕනි තරම්.....

එහෙම දිණුම හොයන් යන
ජීවිත දෙකක් එකතු වුනාම
 ලියවෙන ආදර කතාව
ශක්තිමත් වගේම සුන්දරයි
ඔවුන් ගොඩනගන ලෝකය
ඔවුන්ගෙමයි.......

ජීවිතේ දිනපු කෙනෙක්ගාව
අමුත්තෙක් වෙන ජීවිතේට වඩා
ජීවිතේ දිනන්න මහන්සි වෙන 
කෙනෙක්ගේ කොටස්කරුවෙක් වීම
පෙන්වයි ජීවිතයේත් , ආදරයෙත්
සැබෑම තේරුම......

              *** නිශී ***



No comments:

Post a Comment