Monday, January 6, 2020

<<<<< කතා කරන පින්තූර >>>>>

 ______ රණවිරුවකුට පෙම්
                  කලෙමි ______

ආදරේ නම්
හරි ම පුදුමයි
යුධ බිමක් සේ
ගිණියම් වෙලා

රාජකාරිය නිම
වෙලා ඔබ
එනතුරා මග
බලමි මා

මාස ගනනක්
නොදැක ඔබෙ වත
තුන් සිතම
ඔද්දල් වෙලා

දෙවියෝ රැක දෙන්
මගේ රන් කද
රණ බිමේ දුක්
පරදවා....

පුංචි පුතු ලොව
එළිය දුටුවත්
ඔබ තාම පුතු
නොදුටුවා

කිරි සිනා පා
බෝල ඇස් දෙක
සොයන්නේ
පිය තුම තමා

_____________ 😑😑  😢😢 _________

මහා මූසල අදුරු
හැගුමක්
සිත පුරා
හොල්මන් කරා

සිතුවේ නෑ මා
කවම දා වත්
මට කලින් ඔබ
යයි කියා

පුතුට පියතුම
දකින්නට වත්
ඇයිද මේ
බැරි වී ගියා

පුතුත් නැති නම්
මාත් එන්නෙමි
ඔබත් සමගින්
සුර ලොව සොයා

සොහොන් බිම තුල
ඔබ සොයා ගෙන
පුතුත් සමගින්
එමි මෙමා

එදා කියු රස
කතා කියනවද
ඔබේ පුතු
උකුලින් තියා.....

          *** නිශී ***

No comments:

Post a Comment