_____ දෑස හරි කාන්සියෙන්
ඉන්නේ
කවදාද, ආයේ නුබ
එන්නේ ______
පෙර දිනෙක ඔබ
යන්න කලියෙන්
කාලෙ ගෙවුනා
ඉක්මනින්....
ඈත් දැන් නුබ
ගිහින් දුරු රට
කාලේ ගෙවෙන්නේ
හරි හෙමින්.....
ඈත අහස දෙස
බලා ඉන්නට
පුරුද්දක් වී
ඉක්මනින්...
එන්නේ කවදද
අහස් කුස සිට
බලා ඉන්නෙමි
කාන්සියෙන්....
කතා කෙරුවත්
දුරින් ඉදලා
ලගින් වාගේ
නෑ ඉතින්...
එදා වාගෙම
තවත් එහෙමයි
ආදරේ අඩු
නෑ ඉතින්....
ඉක්මනින් යලි
එනතුරා මග
බලන් ඉන්නෙමි
සෙනෙහසින්....
පිරී තිබුනත්
දුකින් මා සිත
නොපෙන්වා ඉමි
ආදරෙන්....
*** නිශී ***
No comments:
Post a Comment