Sunday, April 5, 2020

දුරු රට යන
           පෙම්වතට.....

     මග බලන, පෙම්වතිය....

මහා සමුදුරු
හතක් පසුකොට
දුරට යනවා
නික්මිලා...

දරා ගන්නට
කියා දෙනු මැන
ඉන්නේ කෝමද
ඉවසලා....

කාත් කවුරුවත්
ලගින් නැති කල
තනියමයි ඔබ
එහෙට වීලා....

ඉතිම් කෝමද
ඉවස ගන්නේ
ලෙඩ දුකකදී වුව
තනිවෙලා....

දුකක් දැනුනත්
දුවන් එන්නට
ලග පාත ඔබ
නැති නිසා...

බලා ඉමි මග
එනතුරා ඔබ
ඇගිලි ගනිමින්
රැය දිවා....

ඔබේ සතුටයි
පැතුවේ සැමදා
ඒ නිසයි දුක
 හංගලා....

ලගම නැතිවත්
ලග වගේමයි
ඒ තරම් සිත්
ලං වෙලා...

ඈත අහසේ
රිදී ඉරකින්
මතුවෙලා ඔබ
එන තුරා....

දින සතිද
මාසද ගෙවමි මා
බුදු සරණ...!
ඔබ හට පතා....

          *** නිශී ***

No comments:

Post a Comment