කුඩා කලම පැවිදි වූ,
පුංචි සාමණේර හිමි නමකගේ,
හදවතේ කතාව....
පියතුම ඔබයි,
ලොකු හාමුදුරුවනේ....
මිදුනු හැටියම
මව්ගේ ඇකයෙන්
කසාවත ගත
දැවටුනා....
කිරි දතක් වත්
වැටිලා නෑ තව
සුරතලය මයි
සොයන්නා...
නිතර ඇවිදින්
බලලා යන මව්
මට හොරා
කදුලැලි සලා...
නොතේරුනද මා
කිවුවේ නිතරම
"අම්මේ ඔබ දුක්,
වනු එපා" ....
මා මෙලොව එලි
දුටුව දවසෙම
පිය රජුන්
දෙව් ලොව ගියා...
කියනු ඇසුනා
වටේ ඈයෝ
පියා මරමින්
ඉපදුනා...
එහෙම නෑ
නේද අම්මේ
තාත්තා මා
මරා ගත්තද එදා...
නොදැන හෝ
මගේ අතින් උනු
පව,
බුදු පුතෙකු ලෙස
ගෙවමි මා....
පියා නැති අඩු පාඩු
දැන්නම්
අම්මේ මා හට
නොදැනෙනා....
නිතර තුරුලේ
තබාගෙන මා
සනසන්නේ
ලොකු හිමි තමා....
හරි වැරදි
අඩු පාඩු නිතරම
ලොකු සාදු මගේ
සොයන්නා...
හොදට පුලුවන්
කවි බණලු
මට,
ලොකු සාදු
කිවුවනේ එදා....
පුංචි රාහුල
තරම් මං
පිං කරලා
නෑ නම් තමා...
ඒත් බුදු හිමි
සරණ යන මා,
පුංචි සෝභිත
නම් දරා...
නිතර පංසල් මිදුල
හැඩිකර,
කෝම්පිට්ටු
රස කර උයා...
බෙදුවේ දානේ
ලොකු සාදුටයි මා
අම්මේ ඔබ ලග
නැති නිසා....
නිතර යන එන
දායකයො පිරිසට
හුරතල්ලු මා
ගම බබළනා....
ඉතින් අම්මේ
කොහොමදෝ මා
පියා මළ දින
ඉපදුනා...
අසනීප වී
නැගිට ගනු බැරි
දිනට මා කර තබාලා
ලොකු සාදු නිදි නැතිව ඉන්නේ
පිය සෙනෙහෙ ලය ඇති නිසා...
දග වැඩක් මා
කෙරූ දිනකට
සැර වැරද , ගුටි
දී එදා....
මට නොපෙනි
කදුලැලි පිසිනවා
ලොකු සාදු
මගේ පිය තුමා....
ලොකු වෙලා මා
ඉගෙන ගෙන
තව, සාසනේ රකිමින්
සදා....
ලොකු සාදු ලග
දණ නමාගෙන
මහලුකල
ඔබ රකිමි මා....
*** නිශී ***
No comments:
Post a Comment