Monday, April 20, 2020

අදුරු පාස්කුව
        ගෙවී වසරක්‍ ..... ⛪️💒🚨

සමිදන් වැඩ සිටින
පල්ලිය සැනසීම
සොයා ගියා අල්තාරය
අසලටම
දේව මෙහෙය අතුරින්
ගී තිකා ඇසෙන
සිතුවේ නෑ අවසානය
මෙය වන්න....

පිපුරුම් හඩක් සමගින්
ලේ ගගක් වුන
මරිය මවුන් දෑසග ලේ
බිදුවක්‍ 
ලේ ගග ගලා දහසක්
ජීවිත පිදුව
මරණයේ දිනය ගතවී 
අද වසරක්‍ ...

හේතුව නොදැන මරණය
වලදා ගත්තෝ
වුන් දෙය නොදැන දෙව් තුරුලට
වී ඇත්තෝ
තවමත් සයනයට වී
එක් තැන් වූවෝ
මරණය යදිනවා ඇති
දෑසින් දුටුවෝ....

නැතිවූ සැමියාදරුවා එනතුරු
මග බලන මවුන්
අත් පා දෑස් අහිමිව
දුක් විදින ඔවුන්
නොමැරී මැරෙනවා ඇති
මතකය අලුත් වෙමින්.....

නොපතමි එවන් දුක් 
කන්දක් යලි දකින්න
දහසක් පහන් 
අද දැල්වේ
සොහොන් කොත් අසල
පතනෙමි  ඔබ සැවොම
සාමදානෙන්
සැතපෙන ලෙසට....

ආගම් භේද දුරලා
නිවනට යන්න.....

     ☸️☸️☸️✝️✝️✝️

 ( 2019.04.21 සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් වෙනුවෙන්.... 🙏🙏🙏 )

     *** නිශී ***

No comments:

Post a Comment