Sunday, April 5, 2020

____ මව්ගේ හඩ
  ඇසේදෝ
       නළ ළිං කුහරේ තුලින් ___

සෙව්වා පුතුනි
මව් සැමතැන
ඔබ
කොහිද කියා...

වෙනදා
නොදැනුනු
හැගුමක් හැගී
ගියා...
       මූසල
       අදුරු
       වැසි දහරා
       ඇදී ගියා...
පුංචි පුතා
ලිං පතුලට
ඇදී
ගියා....

නළ ළිං පතුල
ඔබ තරමට
කුඩා
වෙලා...
     වැළපෙයි
    මවුන්
    කිරි එරෙනා
    තනය විදා....
කෙලිලොල්
කවට හඩ
ලිද තුල
වසන් වෙලා....

පිරිලා මහ
හුගක් දෙවිවරු
ඔබ
දිවි රැකීමට...

යොදන විරිය
පුතුනේ
ඔබේ දිවි
රැකගන්න...

හඩක් නෑලු
ලිං පතුලෙන්
ඔබ
ඉන්නවද....

මව්ගේ
හඩට
හැඩුවා ඔබ
දැන් කොහිද....

දෙමස් වියකි
තවමත් ඔබ
පසු
කෙරුව....

පොලොව යටට
වී ඔබ
දැන්
සිව් දිනකී...

අහර නැතිව
සිව්
දිනකින්
පුදුමයකී....

රුදුරු
දෛවයත්
දැන් නම්
සරදමකී....

කරන
කරන
හැම දේමත්
ඵල නොලදී ....

නවතා නොමැත
ඔබ රැකුමට
ගත්ත
වෙර...

ලොවම බලා
ඉන්නේ
ඔබ
නාමෙන්‍ ය...

ලැබේවා...
පුතුනි
ශක්තිය
ඔබ වෙතට....

හඩන
මව්ගේ
උකුලේ යලි
නැළවෙන්න....

    *** නිශී ***

(ඉන්දියාවේ ප්‍රාන්තයක් තුල, අවුරුදු 2ක කුඩා දරුවෙකු
ජීවිතයත් මරණයත් අතර කරන සටන වෙනුවෙන්,
ප්‍රාර්ථනාවකින්  අකුරු  කරමින්  ආශිර්වාද පතමි....)

No comments:

Post a Comment