_____ මව්පිය සෙනේ,
කිමදැයි
අපට, අකැප වුනේ _____
ජීවිතයේ,
අප
සංවේදී වන
තැන් බෝමයි....
කෙනෙක්ගේ
අසරණ වීම්
දැක දැක
හූල්ලන වාර
අපමණයි.....
දරු සම්පත,
බොහෝ දෙනෙක්ට
හිමි,
නමුත් තවත්
පිරිසකට
අහිමි සම්පතක්...
ඒ හිමිකම
දඩුවමක් ලෙස
සලකන්නවුන්
නිසාවෙන්,
දුක් විදින
කිරි කැටියන්ගේ
හදවතට
කතාකලෙමු.....
`````` ____ සැරි සැරූයෙමි
මහා ඝන
රාත්‍රීන් ගණනාවක්
සොයා ගන්නට
මව් කුසක් යලි
ජන්ම ලැබුමට
මනු ලොවින්....
හමු වුනේ එක්
අසැඹි රැගුමකි
රමණයෙන්
වෙහෙසෙන
ඉමක්....
ලැබුනු ඉඩකින්
රින්ගුවා
හරි
අහම්බෙන් හමු
වූ තැනක්.....
ගෙවේ ටික ටික
මා වැඩෙයි කුස
ඇයට මා
කරදරයකි හුගක්....
කළල මාසිත
මව්සෙනේ
සොයමින්ම
වැ,ළපෙමි
හරි හුගක්....
ඇසුනා මා මව්
ගියා දවසක්
නැති කරන්නට
මා කුසෙන්....
ඔවුන් කීවේ
නොහැකි බවකුයි
මෝරලා මා
හරි
හුගක්.....
මතක නෑලූ
පියෙක් ඈ හට
භාර දෙන්නට
මා ඉතින්....
දසමසක්
ඈ
මා ඉසිලුවේ
අන්නසිද ගැට
රස බලන්....
අම්මේ ඔබ මා
නැති කරන්නට
කොතෙක් නම්
වෙර යෙදූවත්.....
පෙර කලෙක මා
පවක් කර ඇත
අනාත දරුවකු
වන්න මෙලෙසින්....
ගබ්සාව ඔබෙ
හරි ගියානම්
මේ තරම් මට
නෑ දුකක්....
නැතිද එරුනේ
කිරි ලයෙන් ඔබේ
රෝහලේ මා
තනි කලෙ ඉතින්....
ඔබ දමා ගිය
දිනේ සිට මා
අනාතයෙකු ලෙස
මෙහි ගෙවත්....
මා වගේ තව
බොහෝ අය ඇත
මේ තරම් ලොව
කුරිරුද හුගක්....
මව් සෙනේ ලොව
නොවෙනස්ම දේ ලෙස
නම් දරන්නේ
දරු සෙනෙන්....
ඒත් මව්
පදවියට සාපකල
ඔබ වැන්නවුන්
ඇත හුගක්....
මවක් නැත
අද
පියෙක් නැත අද
තනිවෙලා ලොව
සාපලත්.....
අනේ මේ ලෙස
වෙන්නෙපා තව
කාටවත්
තුන් ලොවේ වත් _____ ´´´´´
*** නිශී ***
No comments:
Post a Comment