- ජීවිත රස්තියාදුව .....
ඉර උදා වෙලා
පැයක් දෙකක්ම යනකන්
ඒ කිවුවේ,
පස්සට එළිය වැටෙනකම්ම
නිදා ගන්න....
ආස නැත්තේ
කවුද...?
ඒ ඇදේ ඉන්න ගමන්ම
ඕනේ දිහාක යං කිවුව ගමන්
පැනලා එන සෙට් එකට
පොට් එකක් කියලා
යමං කියලා
ලෑස්ති වෙන්න තියෙන ආසාව
නැත්තේ කාටද...?
ටීශර්ට් කෑල්ලයි,
බාටා කෑල්ලයි
ඩෙනිමටයි ඇලුම් කරන
ඒ සරල කමත් කර පින්නන්
අම්මේ මං යනෝ කියාන
අම්මට කිස් එකක් දීලා
දුවන්න,
ආස නැත්තේ කවුද...?
රූන් ගාලා දුවලා
සෙට් එකත් එක්ක,
කොල්ලෝ කෙල්ලෝ බේදයක් නැතුව
ස්කූටි බයි වල නැගලා
කෑ ගගහා, සින්දුවක් කියාන
රිවස්ටන් , මීමුරේ යන්න
තියෙන ආසාව
නැත්තේ කාටද...?
මග යනකම්ම
තියෙන බඩයිරිගු,
බෙලිමල් කඩ වල
නවත්තලා
උණු පිටිම බඩයිරිගුවක් කාලා,
හකුරුත් එක්ක බෙලිමල් එකක්
බීලා, පොඩ්ඩක් කටත් පුච්ච
ගන්න තියෙන ආසාව
නැත්තේ කාටද....?
මග දිගට තියෙන ලස්සන
තැන් වලින් නවත්තලා
සෙල්ෆියක් ගහලා
Fb upload කරන්න,
Location add කරන්න,
Insta දාන්න තියෙන ඒ
Feeling එක
නැත්තේ කාටද....?
පාරේ දෙපැත්තේ ඉන්න
බලු පැටවු,
පූස් පැටවු එක්ක කතා කරන්න
එයාලා එක්ක
එයාලගේ විදියට
හිනාවෙන්න තියෙන ආසාව
නැත්තේ කාටද....?
ජීවිතේ විදවන්නේ නැතුව
තාරුණ්‍ය විදින්න
තියෙන ආසාව,
කෙල්ලො කොල්ලෝ
බේදයක් නැතුව
හැබෑ කරගන්න
හීන දකිද්දී,
පුලු පුලුවන් විදිහට
ඒ ආසාවල් පස්සේ යන අපි
ඒ කට දෙන නියම අර්ථකථනය
"ජීවිත රස්තියාදුව "
නෙවේද...?
*** නිශී ***
No comments:
Post a Comment