Sunday, April 5, 2020

නොදකින සෙනෙහස සිත දවනා
සිතිවිලි අහුරකි දුක කියනා
ලමැදට පෙම්බස් නැත ගේනා
ඔබ සන්තක සිත උමතු වෙලා....

මායාවී ඔබ,
හදවත සින්නක්කර ලියනා....//

පෙම් ඇරයුම් නැත හමුවූයේ මට
සිනහව ඔබගේ ඔසුවකි මා හට
ක්ශිතිජ ඉමේ කෙලවර හමු වූ දින
ඔබ හමුවන බව පවසයි මා සිත

මායාවී ඔබ
හදවත සින්නක්කර ලියනා....//

සිතිවිලි අතරේ ඉපදුන ඔබේ වත
මිරිගුවදෝ මේ වියලුන හදකට
නැත සිත අවනත ඔබගෙන් මිදුමට
පෙම් කරමී සිත මායා දැහැනට

මායාවී ඔබ
හදවත සින්නක්කර ලියනා....//

    *** නිශී ***

No comments:

Post a Comment