වෛරසය සහ
සෙබලකුගේ හදවත....
යුධ බිමේ අවි
අමෝරාගෙන
දිවි පරදු කොට
සටන් වැදගෙන
රැකීයෙමි ලක්
මෑණියන්.....
ජීවිතය
පුදමින්
අත, පය, ඇස්
පුදමින්
සදා ආබාධිත
වූවත්
නොහැරුනෙමි
යලි කිසි විටත්....
එයින් නැත
අප නැවතුනේ
ගං වතුර
නාය යෑම් ආවත්
නොපැලකී
පෙරමුණ වුනේ....
අදත් ඒ ලෙස වුනේ
වසංගතයට නැත
බිය වුනේ
ඒ නිසා අප
නොසිත අප ගැන
සැවොම වෙනුවෙන්
කැප වුනේ....
වසංගතයට අප
ගොදුරු වූ බව
දනීනම් නෑ
ගම් බලා එන්නේ
අපේ ජීවිත වඩා
ඔබ ගැන
සිතීමයි අපේ
සතුට වන්නේ....
දුකක් නෑ ඔබ
කෙසේ සිතුවත්
රටම වෙනුවෙනි
අප ඉපදුනේ
එකම දුක නම්
අවැසි මොහොතෙම
මෙලෙස රෝගී
වීමනේ.....
වෛරසය ආසාධානය වූ, හා නිරෝධානය වන සෙබලුන්ගේ හදවත් තුල අද කීයක් නම් කතා ලියවී ඇද්ද.?
ඔවුන් දුක් වනවා ඇති, රට වෙනුවෙන් සේවය කිරීමට නොහැකිව එක් තැනකට වී සිටින්න වීම නිසා.... නමුත් රට වෙනුවෙන්මකල සේවය නිසා අද ඔවුන් රෝගී වෙලා...😑😑
ඔබයි අපේ ශක්තිය....!! 💪💪
ඔබේ මෙහෙය එදත්, අදත්, හෙටත් අපිරිමිතයි...
ඔබ රැකේ නම් අපද රැකෙයි....
රටක් ලෙස අපගේ එකම පැතුම නම්, ඔබ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා...!!
නිදුක් නීරෝගී ශක්තිය ලැබේවා....!!
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
*** නිශී ***
No comments:
Post a Comment