Monday, April 27, 2020

පුංචිත්තිට......
        👼🏻👼🏻👼🏻🧚‍♀️🧚‍♀️🧚‍♀️

අරමුණක් නැති
ජීවිත වලට
ආයේ අලුතින්ම
හිනාවෙන්න 
හේතු ගෙනාපු 
ඔයා
හිනා වෙන්නේ
මේ වෙන මුකුත්
නොදැන....

සතුටුයි ඔයා
හිනා වෙලා
මේ අත් දෙක උඩ
දගලද්දී....

බයයි ඔයාට
හෙටින් පස්සේ
විවර වෙන
ලෝකේ කොහොම
වෙයිද හිතද්දි....

ලෝකේ 
කොහොමදවත්
නොදැක්ක ඔයාට
ලෝකේ පෙන්නන්න
ආසයි.....

ඒත් දැන් නම්
හැමෝගෙම ජීවිත
හරිම
අස්තිරයි....

🧚‍♀️🧚‍♀️🧚‍♀️ ..... පුංචිත්ති ...... 🧚‍♀️🧚‍♀️🧚‍♀️

වසංගතයට
බය වෙලා
හිනාව හැංගුනු 
ජීවිත වලට
කොහේදෝ ඉදන්
ඇවිදින්
හිනාව දුන්නු 
ඔයාට.....

මේ ලස්සන
ලෝකේ පෙන්නන්න
ජීවිතේ වෙනුවෙන්
සටන් කරන්න
මේ හැමෝටම
පුලුවන්... 

ඔව් ඔයා වගේ
තව දහස් ගනන්
හිනාවල්
 හයිය
මුලු ලෝකෙටම
බෙදාවී.....

🧚‍♀️🧚‍♀️🧚‍♀️ පුංචිත්තන්ගේ සිනාවල්
              මුලු ලෝකෙටම ආශිර්වාදයක් වේවී..... 🧚‍♀️🧚‍♀️🧚‍♀️

           *** නිශී ***

No comments:

Post a Comment