යකඩ හීනය බොද විය...... 👇👇👊👊
හැමෝම දානවා සෙල්ලම්
ඒත් නැහැ නෙ මට රෝද දෙක
දැම්මා කං කෙදිරිය ගෙදරට
දඩු මොනරා මේ ලැබුනෙ මට
කන්තක අසු මට ලැබුනා වාගේ
යන්නයි තියෙන්නෙ පිට උඩ නැග
පල්සර්, හීරෝ, හොන්ඩා නැවී,fz
කිය ඇත හතර අත....
හැටට හැටේ මං රවුමක් යන්නට
අබයා දාගෙන නැග්ගෙ අද
ආවා ගැම්මක් හිතම පුරෝගෙන
දාන්න උබගෙන් වැඩ කිඩ ටික
මහ ලොකු වාහන අදාල නැහැ මට
"දම් රැජිනිත්" අද යටයි මට
පාරම හෙල්ලිලා යන්නට මං අද
දුන්නා speed හැටට හැට...
අබයා කීවේ යම් බම් හෙමිහිට
ඉක්මං වැඩි බං මැරෙන්න තව
ඒ වා කොහේද කනට ගත්තෙ මං
තව වැඩි කර බං speed එක ....
වාහන එක, දෙක පහු කරනා විට
පට්ට ගැම්ම බං මගෙ හිත යට
අබයා මාව හෙන හයියෙන් බදාන
මට නම් බං හෙන ආතල් එක
හුලං කපාන යනවිට කාගෙන
පහු කරනා ලොකු වාහන ටික
හැරිලා බැලුවා කිංඩිය දාන්න
මෙන්න බොලේ ලොරියක් මූනට
ඩෝං ගාලා හැප්පුනා මතකයි මට
ඇස් ඇරියම මං අහසේ ඇත
බිම බැලුවා මං මොකද්ද බං මේ
මෙන්න බොලේ මගෙ කෑලි චොර
මිනිස්සු කියනව මං මැරිලා ඇත
අබයට හොදටම අමාරුලූ
යකඩයා තැලිලා ගන්න දෙයක් නැහැ
කෑලි මගේ නම් සවලේ ඇත
අපෙ ගේ පැත්තෙන් ඇහෙන අදෝනා
මගේ පුතේ උබ එන්න කියා
කොහොමද අම්මේ එන්නේ මං දැන්
මග මරුවා මා අරන් ගියා
දැක්ක හීන මං ජීවිතෙ දිනන්න
සියලු දේම මට නැතුව ගියා
මටත් වඩා මං ආදරෙ කල ඒ
"යකඩ ගොඩම මට සාප උනා..."
[ යතුරුපැදි අනතුරකින් මිය ගිය අයෙකුගේ පාපොච්චාරනය...
තවත් එක් කදුලු කතාවක්. නොසැලකිලිමත්කම හා අධික වේගය නිසා දවසින් දවස මිලින වන ජීවිත නිමක් නැත .....]
***....නිශී....***
No comments:
Post a Comment