..... පිරිමියා ප්‍රේමයේ දී
සුන්දර බරක් උසුලන ගවයෙකි....
ඒ කතාවේ මතු පිටින් වගේම ඇතුලාන්තයෙන් හිතන්න බොහොමයක් දේවල් ඉතිරි කරලා තියෙනවා. මං දන්නෙ නැහැ ඔයාලා 'ගවයා' කියන වචනේ උලුප්පගෙන විරෝධතා රැල්ලක් හදයිද කියන්න. ඒ නිසා මුලින්ම කියලා පටන් ගන්නම්, මේක උපහාසය සදහා යොදා ගත්ත දෙයක් නම් නෙවෙයි....
ප්‍රේමයක් ඇති වෙන්නේ හදවත් දෙකක් තුලනේ. ප්‍රේමය වෙනුවෙන් මිනිස්සු කැප කිරීම් කරනවා, පරිත්‍යාග කරනවා, අඩනවා, දොඩනවා, පසුතැවේ නවා. ඒකයි ප්‍රේමය ලස්සන වෙන්නෙත්. ලෝකය රදා පවතින්නෙත් ප්‍රේමය තුලනේ. ඔය අපි හැමෝම දන්න කතාව.
ප්‍රේමයක් දලු දාලා වැඩෙන්නත් ඒකට ශක්තිමත් අත්තිවාරමක් ඕනේ. ඒ හයිය වැඩිපුරම ලබා දෙන්නෙත් පිරිමියා. ප්‍රේමයේ ඵලය විවාහය කියලා හිතුවොත් , පවුලක ගෘහ මූලිකයා කවුද? ස්වාමියා, නැත්නම් තාත්තා. මහා බරක් උසුලගෙන පවුල් සංස්ථාව රැකගෙන යන්නෙ පිරිමියා.
ප්‍රේමයේ ඔබ්බට යන, කාමය කියන එළිපිට කතා නොකරන මාතෘකාවේ මූල බීරයත් පිරිමියා.
අතීතයේ මේ කතාව සනාථ කරන ජන කවියක් තිබිල තියෙනවා මේ විදිහට.... >>
ගම් වැදි ගියෝ වැද සිත්
නුවාණෝ
පෙම් ඇති කතුන් දැකපුව
සිත් නොවාණෝ
අන් වෙන බසක් නොඇසූ
වස වතාණෝ
මව්වද සොදුර දුක් උසුලන
ගොනාණෝ
තරුණ පිරිමි හිතක ආලයේ බීජය මෝරද්දි ඔහු සාමාන්‍ය ජීවන ක්‍රමයෙන් වෙනස් වෙනවා. දගකාර සිතුවිලි එක්ක ජීවත් වුනු ඔහු බැරෑරුම් චරිතයක් වෙනවා. ඉක්මනින් කේන්ති යනවා. අනිත් අයව පෙන්නන්න බැරුව යනවා. හිත හොරකම් කරපු ආදරේ ලබා ගන්නකන්ම පිරිමියා ඔය විදිහයි. පෙම් බදින පිරිමි සිත දමනය කරන්න හරිම අමාරුයි.
ඔබටත් මේ වගේ අත්දැකීම් අනන්තවත් ඇති....😇😇😇
මේ නිසා තමයි කියන්නේ,
" පිරිමියා ප්‍රේමයේ දී ,
සුන්දර බරක් උසුලන ගවයෙක්...."
කියලා..... %%%
මං,
*** නිශී ***
No comments:
Post a Comment