*** මිනිසා ***
මනුස්සයා යනු කවුද?
මං හිතනවා මේ පුංචි කතාවෙන් , අපට ඒ පිලිබද අවබෝධයක් ලබා ගන්න පුලුවන් වෙයි කියලා.
විශේෂයෙන් ම මනුස්සකම කියන දේ ගැන ....
දවසක් කබරගොයෙක් තම පුතාද සමග පාරක් අයිනේ කුණු වෙමින් තිබූ බලු කුණක් කමින් සිටියා. මේ බලු කුණ කන අතරෙදී, කබර පැටියා දුටු දෙයකින් ඉතා බියට පත් වුනා.
" තාත්තේ, අන්න කකුල් දෙකෙන් ඇවිදින පුදුම සතෙක් එනවා... " 🚶
එවිට කබරගොයා මෙහෙම කියනවා,
" පුතේ , ඒ තමයි මනුස්සයා කියන්නේ. ඕකගේ මූන දිහා වත් බලන්න එපා. "
" ඕක තමයි සත්තුන්ගෙන් දරුනුම , නරකම සතා පුතේ. ඕකා අපේ පවුලට කරපු විනාසේ,
ඕකා උබේ අම්මව මරලා, අම්මගේ තෙල් මන්ද හිදලා ඌගේ ගැහැනියගේ කෑම වලට දාලා තියෙනවා. "
( අනීතයේ, යන්ත්‍ර , මන්ත්‍ර කිරීමේදී ප්‍රත්‍යක්ෂ හූනියම් ක්‍රමයක් ලෙස කබර තෙල් යොදාගෙන ඇත. )
" එහෙම කරලා තියෙන්නේ ඌට හොර ගෑනියෙක් හිටිය නිසා, ඒ ගෑනිව කසාද බැදගන්න. ඕකා මොන හිතකින් එහෙම කරාද දන්නේ නෑ පුතේ... "
උබට එතකොට වයස දවස් අටක් විතර ඇති. එදා ඉදන් මං උබව තනියම බලා ගන්නවා.
උඩ ඉන්න දෙවියන් අපට අනුකම්පා කොට ඕකට කකුල් දෙකෙන් යන්න මවා තිබෙනවා. ඕකට බඩ ගාගෙන යන්න මැවුවා නම්, බලු කුණක් වත් ඉතුරු කරන්නේ නෑ . අපිට හාමතේ තමා මැරෙන්න වෙන්නේ.
" නොදෝකින් විතරක්, ඕකගේ මූන දිහා වත් බලන්න එපා..."
අද වන විට මනුස්සකම මේ ආකාරයෙන් නිගා වෙලා. ඒ කාගෙවත් නෙවෙයි මිනිසාගේම ක්‍රියා කාරකම් නිසා. මේ කතාවෙන් ඒ බව නියමාකාරව ඔප්පු වෙනවා.
කාන්තා, පිරිමි බේධයක් නැහැ , මෙයයි සත්‍ය තත්වය.
ඒ අනුව සිතිය යුතු එක් ගැටලුවක් තියෙනවා, එනම් මනුස්සකම යනු කුමක් ද?
( මා කියවූ වටිනා නවකතාවක් වන ' මැඩම් ඉසබෙලා ' කතාවෙහි මා දුටු අපූරු ඉසව්වක උපුටනයකි.... )
*** නිශී ***
No comments:
Post a Comment