_____ සෙනෙහසේ දායාදය ______
🤱🤱🤱🤱👨👩👧👨👩👧👨👩👧👨👩👧
බොහෝ බාධක
පසුකරන්
මතකද දිණුව හැටි
ආදරේ අපේ....
අත් හැරෙන්නම
ආපු තැන් වල
තදින් අල්ලා ගත්ත
හැටි අප
තවත් මතකයි
එදා වාගෙම.....
යුද්ධ නොකරත්
මහා සටනක්
දිනා එක් වූ
අපේ දිවිමග
දිනෙන් දින
සතුටින් ගෙවූ
අරුමය
තවත් පුදුමයි
මගේ රන්කද....
අපේ සෙනෙහසේ
නියම අරුතයි
ලොවම ලැබුවා සේ
දෑත මත අද
කිරි සිනා පා
මගේ පණ ටික
මෙයයි සෙනෙහස
සැබෑ අරුමය.....
*** නිශී ***
No comments:
Post a Comment