නූතන දෙවෙන්දරා හා නොරිකෝ සං
වෙත සෙනෙහසින් ලියමී......
🎎🎏🏮🎎🎏🏮🎎🎏🏮🎎🎏🏮
බලා සිටියෙමි
ආදරේ දෙස
දෙරටක සිට
එක් වන තුරා.....
සයුරු තරණය
කරන් ඇවිදින්
දෙවෙන්දරා ඔබ
හමුවුනා....
සකුරා පිපෙනා
වසන්තය ලග
නොරිකෝ සැමදා
මග බලා......
හිදී තවමත්
එදා වාගෙම
අලුත් ඇරඹුම
ලියවුනා.....
සුදු හමට යස
අගේට ගැලපුනු
කලු හමත් නෑ
දැන් පැරදිලා....
නොරිකෝ සං ඔබේ
උකුලේ නැලවෙන
පුංචි පුතු
සුරතල් වෙලා....
කියා දෙනවා
ලොකු කතාවක්
දෙවෙන්දරා
සමගින් ලියා.....
බලා සිටි
අවසානේ සුන්දර
දෙවෙන්දරා - නොරිකෝ
ඔබ එක් වුනු නිසා.....
*** නිශී ***
No comments:
Post a Comment