Friday, July 17, 2020

_____ දොස්තර පුතු වැදූ මවට,
       කොහෙන් හොයන් " මාක්ස්එකක්_____
   😷🤧😷🤧😷🤧😷🤧😷🤧😷🤧😷


දසමස කුස හොවා ගමින්
වැදුවෙමි දරුවන් සතරක්
එහෙව් මවක් තනිවී ඇත
හව්හරනක් නොමැති තැනක්......

බිත්ති තෙමී උලු දියවුනු
ගේ පොඩියක සිටින මවක්
එක් පතකින් කුස පුරවන්
දොස්තර පුතු එයිද බලන්.....

දියවී ගිය එකම ඇදුම
ඇදගෙන දිවි ගෙවන මවක්
කොහොන් සොයන්නද හරියට
මූන වැසෙන "මාක්ස්එකක්.....

දොස්තර පුතු ඇගම වහන්
පරිස්සමින් ඉන්න තරම්
එහෙව් පුතුව වැදූ මවට
කොහෙන් හොයන් "මාක්ස්එකක්.....

         *** නිශී ***

No comments:

Post a Comment