Sunday, July 19, 2020

                           ____ Tattoo ___
------- සම්මත් වූද - අසම්මත කළාවක් ------
        ❌🀄️⚜️❌🀄️⚜️❌🀄️⚜️❌🀄️⚜️❌

ආසයි - බයයි වෙච්චි
හීනයක්....
තරුණ හිතක ඉබේ ඇදෙන
පිස්සුවක්.....
ගැහුවෝතින් හන්වඩු වෙන 
නාමයක්.....
රස්තියාදු නාමේ ලැබෙන
ඉක්මනක්.....

බොහෝ දෙනෙක් හදුනන්නැති
කලාවක්.....
තවත් පිරිස පිලිකුල් කල
ජරාවක්.....
ඔක්කොම හැර තව පිරිසගේ
හීනයක්.....
හරිම ඇසින් බැලුවොත් එය
කලාවක්.....

මිනිස් සමේ රූප මවන
ඇසිල්ලක්......
මෙතෙක් කියා කිවිය නොහැකි
ලස්සනක්.....
ගරහන්නට අවැසි නොමැති
කලාවක්.....
සුන්දර ලෙස කලොත් නෑනේ
වැරැද්දක්.....

               *** නිශී ***






No comments:

Post a Comment