කිල්ල සහ ගැහැණිය....
ගැහැණියගේ උපත මෙසේ වෙයි
සරමක්ද චීත්තයක්ද...
චීත්තයක්....
ගැහැණියක් වන්නේම
පෙර කල පවට වේ
නම්,
කිමද සිදුහතුන් ගැහැණු
කුසකින් එළිය
දුටුවේ....
උඩ මලුව කිලි
ගෑණුන්ට පමණ නම්
ගෑණු හත අට
එක්ක නිදිවැදි
පිරිමි කෝමද
මලුව වදින්නේ...
මාස් ශුද්ධිය
අපායක් වුණු
ගෑණු සැගවී
දින ගෙවන්නේ...
ඒ දිනේටත්
යහන් ගතවන
පිරිමි ඇයි
කාමෙන් දැවෙන්නේ...
දසමසක් දුක්
ගැහැට විදගෙන
දරුවා ලෝකෙට
බිහි කරන්නේ...
එහෙව් කල
ගැහැණියම තුන් මස
යන තුරා කිලි
මවක් වන්නේ...
*** නිශී ***
No comments:
Post a Comment