මරණයක් නොවූ
මරණය.....
[....ගැහැණියකගේ ආත්මීය විලාපය....]
ආවර්ජණය -:
වෙනදා සේම මූසල රාත්‍රියක
ආරම්භයට
ගලා එන අදුර
අත වනයි....
චිරි බිරි ගාන සයනය
අඩ අදුර
2500 ට හිලව් වන
තරුණ ක්ශය වන
ගැහැණු කය
සිතිවිලි රහිතව
උඩු බැලිව සයනයේ
බලා හිදී.....
දරාගැනීම , වෙහෙස
සියල්ල අවසන් වූ මොහොත
දීර්ඝ කෙදිරි ගෑම්
හතිලෑම් අවසානය
කාමධේනුවක තම
අවසානය
සුපුරුදු රැකියාව අතරම
වා තලයට මුසු
කල වගයි.....
වර්තමානය -:
දිනකට පිරිමින්
දෙතුන් දෙනෙකු
සාරය උරා බිව්
තවමත් තරුණ කය
මෝචරි ට්‍රොලිය මත
නූල් පොටකුදු
නොමැතිව
වැතිර සිටින අපූරුව....
බලා සිටිමි මා
මා දෙසම
ගණන් කල නොහැකි
තරම් පහස
ලද එකෙකු
හෝ
පැමිණෙතැයි
අවසානය හෝ
යහපත් කෙරුමට....
එම්බාම් බාස්ගේ
කෑදර දෑස
රස බලයි
නිරුවත් කය
මරණයෙන් වත් නොමැත
සැනසීම මා
වැන්නන්ට.....
නිසල කය
රස බලයි
ඔහුට අනතුරුව
තවත් අය....
රස විදී
නිසලකය
තුන් පැයක්
ගෙවී යයි
එකි නෙකා
සැප ගන්න....
මරණයෙන් පසුවත්
මා කලේ රැකියාව
කෝ ගෙවීම් ඒවාට
තලු මරණ අපූරුවට....
මරණයේ කෙලවරද
සැනසීම නැත ලැබුන
කාමය මේ තරම්
ගිණි ගනීද
මළ කුණු සොයන
පිළිකුළින් සිත පෙලන
ආත්මයකි
සැම තැන සරණ....
සැනසුමක් නෑ ලැබෙන
ගෙවයි පව් පෙනි පෙනිම
පිළිසිදින කුස
ගබ්සා වන.....
[ නිමිත්ත -: "හුස්ම චිත්‍ර" පටය නැරඹීමෙන් ගලා ආ අදහසක් පමණි.]
*** නිශී ***
No comments:
Post a Comment