____ විදින්න දන්න උන්, ජීවිතේ
තරුවක් දිහා බලන් ඉදලා
හරි විදිනවා,
ඒත් විදවන උන් තරුවක් කඩලා
අතට දුන්නත්
ඒකෙන් තෘප්තිමත් නොවී
ජීවිතේ කරුමයක් කරගෙන
විදවමින් ජීවිතේ ගෙවනවා _____
ජීවිතේ,
ලැබීමට වඩා
නොලැබීම
කරපින්නන්
යන හරි අපූරු
ගමනක්....
නොලැබීම්
වැඩි වෙන තරමට
ජීවිතය ගැන
කලකිරීම්
මොහොතින්
මොහොත
වැඩිවෙනව.....
ජීවිතේ
ඉදිරියට යන්න
නැතුවම බෑ
කියලා හිතෙන
දේවල්
ලං කරගන්න
දගලන හැම
මොහොතකම....
ලගින් තිබුනු
අනිත් දේවල්
නොදැනීම්
අතහැරිලා
ආයේ ලං
කරගන්න බැරි
තරම්ම....
හැම දේම
නැති කරන්
ලංකරගන්න
උත්සහ කරපු
දේත්
ඒ අතරේ
අත් හැරිලා
ගිහින් නම්,
ජීවිතේ කැපකිරීම්
කිසිම දෙයක
හරයක් නැති
වෙනවා....
ඒ දවසට
මුලු ලෝකයම
වැරදි කාරයෝ
වගේ පෙනෙයි,
තමංගේ ජීවිතයටම
සාපකරගනී....
නමුත්,
මොන දේ
නැති උනත්
ජීවිතේ නැවතුනු
තැනින්
පටන් ගන්වනම්,
අලුත්ම අත්තිවාරමක්
දා ගන්නවනම්,
ජීවිතේ හැම දේම
ඉරණමට භාර
නොදී ඉන්නවා නම්....
ජීවිතේ දිනන්න
පාර කපා ගන්න
තියෙන අවස්තා
මොහොතින් මොහොත
හමුවෙයි....
අතහැරුනු හීන
ඔබ සොයාගෙනම එයි
ඉරණම, ලැබීම
එදාට
ඔබේ ජය
ගැනීම් හමුවේ
අලුත්ම ආරෙකට
ලියවෙයි......
බැස්මක් ඇත්නම්
කොතනක හෝ
නැග්මක් ඒ
අසලින්ම
ඇත....
ජීවිතය
දිනන්න,
මුදලින්ම පමනක්
නොව,
මනුස්සකමින්....
විදවන ජීවිතේ
විදින පාර
ඔබ අසලින්ම
තබාගෙන
නොලැබෙන හද
ගැන හිතනවට වඩා,
පහලින් තිබෙන
තරුවක් කඩා ගන්න ඉත්සහා
කරන්න....
අඩු තරමින්
වළාකුලකට හෝ
නැග ගන්න
හැකියාව ලැබෙයි...
*** නිශී ***
No comments:
Post a Comment