Sunday, April 5, 2020

______ ලොව විශිෂ්ඨතම
      කලා කෘතිය
ගැහැනියම නොවේද ______

පිරිමි නෙත
සොයන ගැහැනු
කය,
කාමයේත් රාගයේත්
එකතුවයි....

නව නලු රසේ
ලොල්ම රසය
ශුංගාර රසය
වූ තැන
එහි
ගැහැනිය නොවූ
හොත් රස
නූපදී....

කාමය රැකියාව
කරගත් ගැහැනු අතර
රැකිය යුතුදේ
රැක ගැනීමට
රකුසු නෙත්
මග හරින
ගැහැනු හරි
සුලභයි....

කාමයත් රාගයත්
නිදි යහනට
සීමා වූ
අඹු සැමියෝ
බෝමයි....

දස මසක්
ගැහැට විද
උතුම් මව් පදවි
ලද
ගැහැනු
ලොව දිනුවයි....

ආදරෙන් මත් වෙලා
අසැඹි ලෙස
අහු මුලු සරන
යොවුන් විය
පෙම්වතුන්
සුලභයි....

කාම හා රාග
ගිනි
නිවන
රස ගැහැනියම
වූ කල ,
ඉන් එහා
නොසිතු දේ
පුදුමයි....

ලොවේ ඇති
විශිෂ්ඨතම
කලා කෘතිය
වෙන නොවෙයි,
නාරි රූ
වඩවනා
ගැහැනියම
වූවයි....

      *** නිශී ***
( සංවාදයට නොව, සිතුවිල්ලක් පමණි. )

No comments:

Post a Comment