Sunday, April 5, 2020

ආදරෙන් මා අමතන්න
අමතක වෙලා
මං ගාව හිටි ඔබම
ඔහුගේ වෙලා

වෙන් නොවෙන බව දිවුරා
කිවුවත් ඔයා
අද මාව විසි කරලා
ඇයි ගියෙ දමා

හිත දවන අපෙ මතක මං ගාවමයි
ඔබ එක්ක මැව් හීනෙ මං තනිවමයි
එන මුදු ඔයා දුන්නු දුක මහ ගොඩයි
රත්තරනේ ඔබ මාව විසිකල හැඩයි

ආදරෙන් මා අමතන්න......

මං ගාව නැති දේම ඔහු ලග ඇතී
දුප්පත් මගෙ ප්‍රේමෙ දැන් මදි ඇතී
ඔබෙ ආදරේ මා නොපතමි යලී
මා දෑස අභියසට නොම එන් යලී

ආදරෙන් මා අමතන්න......

( මේක ගීතයකට සුදුසු නැතුව ඇති කොහෙත්ම.... ඒත් හිතට ආපු පද ටිකක්....)
😃😃😃😃😃

No comments:

Post a Comment