Sunday, April 5, 2020

***  ගබ්සාව  ***

කැබලි වී යයි
නූපන් ජීවිත....

විවාහය මුල් තැනට අරගෙන
යුග දිවියෙ කල් ගෙවයි සතුටින
මාස හය, එක් වසර යන විට
හීන දකී මහමෙරට වැඩියෙන

     තවත් කෙලවර අදුරු කුටියක
     රාග ගින්නෙන් වෙලෙන අපූරුව
     උන්ට මතක නෑ වැඩේ වැරදෙන
      කාරිය අහවර ගිනි ගනී මුලු කය

විවහා වී සය මස ගෙවෙන තැන
යුවල ඇත පන්සල් පල්ලි තුල
ආදරේ සළකුණට බිහි වෙන
පුංචි පැටියෙකු දෝත දැරැමට

     කාමයේ රස පමණ වින්ද අය
     බිය වෙලා තුන් රැය පුරාවට
     අත් වැරැද්දට සාක්කි දීමට
     දරු ගැබක් කුස ඒවි යැයි හෙට

භාර හාර එම සඵත කෙරුමට
ගෙනෙයි ප්‍රතිඵල හීන පුරෝගෙන
පුංචි බිලිදෙකු කුසට ආ කල
යුවති පති හට නෑ ලොවක් තව

      අත් වැරැද්දට දඩුවම් අරන් අද
      මහා ගින්නක් කුස පුරෝගෙන
      තවත් එකියක් දුක් වෙයි කොනක සිට
     දරු ගැබක් කුස ආ දිනේ සිට

හීන මවයි උන් රැයේ තුන් යම
දරු පැටිය තම දෝත දැරුමට
ඒත්  හිස් කරන්න කුස ඇගෙ
සිදු වෙලා මහ කරුමේ මහතට

     යස අගේට කුස සිටින බිලිදා
     නැති කරන්නට විදි සොයන්නා
     ගැට අන්නසි සොය සොයා කන්නා
     කිටි කිටියෙ කුස තදට ඇන්දා

දෙවිදිහකි, එහෙත් එකම විදියකි

එක් කොනක පැතුමන් සුන් වෙනා විට
තවත් කොනකින් සොම්නස් සිනා ඇත
දිනිය යුතු මව් සෙනෙහස පාගගෙන
කුරිරු කමට ඇයි දිනුම මේ ලෙස....

රෝහලේ ශල්‍ය ගාරේ තුල
කැබලි වී යයි මව් සෙනේ අද
තවත් මුල්ලක මලකඩ කතුරු උඩ
ගබ්සාව වෙයි හිනා පුරෝගෙන

     මේකද ධෛයිවයේ හපන්කම්
    ස්ව්භාදහම ඇයි කුරිරු මෙතරම්
    මව් සෙනේ සිල්ලරද මෙතරම්
   'ගබ්සාව' උඹ දිනුව එහෙනම්.....

          ***නිශී***
(අදහසක් කවියකට ගොනු කිරීමකට ගත් වෑයමකී....)

No comments:

Post a Comment