____ ආදරේ කරන්න පුලුවන්ද,
මාස ගනන් නොදැක, අතින්වත් අල්ලන්නේ නැතුව ____
:::: විශ්වාස කරනවද,
ආදරේ ඔක්කොටම වඩා පරිස්සම්
කියලා එහෙම තැන් වල :::::
දුර ගිය දවසේ ඉදන්
ආපහු එන දවස
වෙනකන්ම
ඇගිලි ගනින
හරි අපූරු
සෙල්ලමක්...
මුලු දවසම
දැන් කතා කරයි
දැන් කතා කරයි
කියලා ෆෝන් එක
දිහා බලන් ඉන්න
හරි අපූරු
භාවනාවක්...
එහා පැත්තෙන්
කට හඩ
ඇහෙද්දී
සතුටට නිකම්ම
ගොලු වෙන
හරි අපූරු
මීවිතක්...
ගන්න හැම
Video call එක
පුරාම,
කවදාවත් නැතුව
මුනිවත රකින
ආදරේ පිරි
මොහොතක්....
මතක් වෙන
හැම මොහොතෙම
ඒ මූන බලන්න
ෆෝන් ස්ක්‍රීන් එකට
දාගෙන
හිත සනස ගන්න
මායාවක්....
බලන වෙලාවක
එයා දකී නේද
කියලා
මැසේජ් පොකුරක්
යවලා
සීන් කරනකන්
බලන් ඉන්න
අමුතුම
පිස්සුවක්....
කාලේ ගෙවෙන්නේ
නැද්ද කියලා
හිතින් බැන බැන
කැලැන්ඩරේ දින
කපන
ලද බොලද
පිස්සුවක්...
පරණ මතක
පිරුණු තැන්
වල
තනියම ගිහින්
සුවද හොයන
හරිම පුදුම
ජීවිතයක්...
මේ හැමදේම
අස්සේ
දුරට ගිය
ආදරේ
ජීවිතේම කරගෙන
දුක හංගන්
හිනා වෙන
හරිම ආදරණීය
ආදරයක්....
💕💕💕💕💕
*** නිශී ***
No comments:
Post a Comment