නිහඩ කෑගල්ල......
දහස් දෙනා
එන යන
විවේකයක් නොලද
නගරය
අද නිහඩව බලා
සිටී
අප එනතුරු
මලින් විකසිතව.....
අව්, වැසි
ඉවසාන
නැගී සිටින
ඔරලෝසු කනුව
සුසුම් හෙලනවා
ඇති දුක් බරව
හිස්වූ මාවත්
දෙස බලාන.....
සකුරා නැතත්
පිපෙන්න
බෝගන්විලාව
හැඩ කෙරුව
නිහඩ කෑගල්ල
මග බලයි
වසන්තය රැගෙන
එනතුරා අප.....
*** නිශී ***
No comments:
Post a Comment