මා දුටු,
සතුටින්ම ඉන්න පිරිස.....
____ මැරෙන බව දැනගෙන,
මරණය ඇස් මානේ තියන්
ඉන්න මිනිස්සු _____
තව දවස් දෙකයි
නෑ නෑ එකයි...
ඇසුනි අයෙකු
දින ගනින අපූරුව....
මොහොතක් බලා සිට
ලං උනා සිනා පිරි ඇය වෙත...
මා දෙස සෙනෙහෙබරව බැලූ ඇය
නැවූ ඇගිලි ගනිමින් සිනා සුනා ඇයටම...
___ බබා, කියන්න,
මොකද මේ සතුට,
කොහේ යන්නද
දින ගනින්නේ...
හෙට ගෙදරවත් යන්නද,
ටිකට් කපනවද ඔයාගේ
ඇසුවෙමි මා සිතේ තිබූ
කුහුල මැඩගෙන 😊😊😊😊
ඔව් අක්කා, ගෙට ගෙදර යයි
ඒත්....
මෙහෙම නම් නෙවෙයි....
සුදු ගවුමත් ඇදගෙනම
ඇයි දන්නවද, මාස ගානකින්
සුදු ගවුම අදින්න බැරි උනා
මං කිඋවේ මට ඒක අන්දවන්න කියලා
කොන්ඩේ නැති උනාට
මං ගවුමට ලස්සනට ඉදී නේද...
ඒත් මට බලන්න බැරි වේවි😃😃😃
____ ඇයි මැණික ඔයාට
බලන්න බැරි වෙයි කියන්නේ...?
තවම මා තේරුම් ගත නොහැකිව සිනා
පිරි ඇය දෙස බලා සිටිමි😮😮😮
ඇයි දන්නවද, ඩොක්ට මාමි
කිවුවේ මේ මගේ අන්තිම දවස්
දෙක කියලා.
ඉතින් මං ආයේ ගෙදර යන්නේ චූටි
පෙට්ටිය නිදාන.
ඒ කිවුව වෙලේ ඉදන් අම්මා අඩනවා
තාත්තා බදාන.
දැක්කද අක්කි, අර ඉන්නේ එයාලා.
ඒත් එයාලට අඩන්න එපා කිවුවට
අහන්නේ නෑ අක්කි.
මං කිවුවා ආයේ අම්මිගේ බංඩියටම
එනවා කියලා ඉක්මනට.
____ තවත් මා සිහිනයකදැයි මා
නොදනිමි.
මේ සුරනංගනාවිය , මා ඉදිරිපිට
මෙතරම් සතුටින්
හෙට හෝ අනිද්දා මරණය
නියත බව දැනගෙනම.
මාද මෝඩය,
අපේක්ශා රෝහල තරම්
ජීවිතය මරණය අතර
සටන් කරන්නන් සිටින
තැනකින් මින් එහා දෙයක්
බලාපොරොත්තු විය හැකිද...?😑😑😑
මාගේ නිහඩබව, ඇයට
දැනී ඇත.
ඇසුනි නැවත ඇගේ හඩ...
අක්කි, ඔයා එනවද මාව බලන්න
එදාට...
හැබැයි මාව බලලා
ඔහොම කදුලු පුරවන් ඉන්න බෑ
එදාට.
හරිද....
මට දුක නෑ මං ගියාට.
මට දුක, මං වගේම
බේත් ගොඩක් බොන්න උනු
ලස්සනට තිබ්බ කොන්ඩේ
ගිය අනිත් අය ගැන.
එයාලත් ආස එයාලට ඉක්මනට
මං යන ගමන ලැබෙනවට.... 😟😟😟
____ නොතේරෙමි මට කුමක් කියන්නද,
මේ පුංචි වයසට
ඇය තේරුම් ගත් ජීවිතය....
ඇත්තෙන්ම එයයි සත්‍ය....
අපට නොතේරුන....
මරණයෙන් සතුට දකින ඈට
ඉතිරි සුලු කාලයට
මා දෙන්නේ කුමක්ද...
අසමි මා ඇගෙන්
කුමද්ද ඉටුකල ගත යුතු ආසාව.
එය ඇසීමෙන් බෝල ඇස් වල
වූ දීප්තිය
කියා පෑවා අවසන් මොහොතට
ඇගේ සිහිනයක්
ඇති බව.
අක්කි පුලුවන්ද මාව එක පාරක්
ගංගාරාම පංසලට ගෙනියන්න.
මට බුදු සාදුට කතා කරන්න ඕනේ.
රහසක් කියන්න....
____ ඇය ඉල්ලූ දෙය
කෙසේ හෝ මා දිය යුතුය.
බොහෝ අසීරුවෙන්
අවසර ගතිමි,
ඇය රැගෙන යාමට...
මල් පිරුනු වට්ටිය
පුද කලා බුදුන්ට
නිහඩව මා බලා සිටිමි
ඇය බුදුන් වදින
අපූරුව...
ඒ තරම් සංයමයක්
නොදැකිමි මා
මින් පෙර...
බොහෝ බැතිමතුන්
අනුකම්පා දෑසින් බලයි
ඈ දෙස...
නමුත් ඇය ,
අනුකම්පා ලද යුතු වන්නේ නැත
මරණය ඉදිරියේ ඇය
සැමටත් වඩා එඩිතරය...
____ නැවත එන අතරතුර
ඇසුවෙමි මා
කුමක්ද,
බුදු සාදුට කියූ රහස...
කිවුවා මං බුදු සාදුට
තවත් එපා කවුරුත් මේම
රිදවන්න.
පුලුවන් නම් අන්තිම පාරට
මාව විතරක් ගන්න කියන්න.
___ පුංචි හිතක මේ තරම්
හයියක්.
නැවත එනතුරු මුලු සිතම
ඇය ගැනය.
නැවත එන විට දුන්න හාදුව,
තවත් මා උනුසුම්ය
වෙනසක් නොදැනුනා නොව...
හෙට උදෑසනම මා යා යුතුය,
නොදැනෙමි කිමද සිත
චංචල....
___ ඇගේ යහන හිස්ව ඇත,
කිමද ඒ නුපුරුදු හැගීම...
ඇය ඇවිදීමටවත් ගොස්ද...
සෙවුවෙමි ඇය සිටින සෑම තැනකම
නමුත් ඇය නැත.
නුපුරුදු බිය වැඩිව ඇත
නැත එය විය නොහැක....
විමසුවෙමි මා හෙදියගෙන්
කොහිද ඈ ගියේ යන්න...
අදුරු වූ ඒ ගැහැනු වත
දුන්නෙමු යමක් මා අතට...
මෙයයි ඈ අවසන් වරට
දුන්නේ ඔබ හට දෙන්න...
යන්න ගියා අලුයමින්
නොයෙන ගමනක් ඈ යන්න...
පංසලෙන් අහුලගත්
බෝ කොලය මා අතය....
රකිමි මා සැමදාම
ඔබේ මතකේ මේ ලෙසට....
හමු නොවෙයි කිසි දින
නැවත ඔබ වාගේ මේ ලෙස
මරණය දැක දැකත්
ඒ පෑව සිනහව...
ආදරණීය මරණය...!!
ඇය දිණුවේය,
ඔබ පැරදුණේය.....
*** නිශී ***
No comments:
Post a Comment