තම පුතුගේ උපත,
සියසින් ම දකින පියෙක්....
____ ආදරණීය බිරිදට ____
ගියෙමි මා මොහොතකින්
ඔබ දුටුව මුල් දිනට...
ඇසට ඇස හමු උනා
සසරෙ පෙර පුරුද්දට....
පෙම්වතුන් ලෙසට අප
ගත කලා ඒ දවස....
දෙගුරුන්ගේ අනු හසින්
එක් වුනා යුග දිවිය...
දුක සතුට එක ලෙසට
විද ගමින් මා අසල....
රැදුනාවු පතිනියයි
ඔබ මාගේ සුන්දරිය....
ලොව ඇති උතුම් වූ
සතුට ලියවා මා නමට...
දෙන්න ඔබ වින්ද දුක
දුටිමි මා දසමසම....
පිරිමි සිත හයිය නැත
ඔබ වාගේ ඉවසන්න....
සූතිකාගාරයට ආවේ මා
ඒ නිසයි ඔබ සමග....
සිතට හෝ සවි වන්න
මාගේ ලොව රැජිනියට....
දහඩියෙන් පෙගී ඔබ
මා දෑත අල්ලන්ම...
කෑ ගසා වෙර යොදා
යුද පිටියේ සටනක්ය....
මාද හැඩුවා ඔබ සමග
බැරි තැනම ඉවසන්න..
තරහා නෑ මගේ මැණික
මා දෑත සීරුනද...
මොහොතකින් ජීවිය ලැබුව
අපේ ලොව කුමරුන්ව...
පලල් වූ දෙපා අතර
රුදිරයෙන් නැහැවීය...
කිරි මුවේ හඩ අතර
ඔබෙ වෙහෙස දුර ගොස්ය...
පුදුමයි මා මැනික
මේ තරම්ම පරිණතද....
තවත් මට සිහිනයක්
ඒ මොහොත ඔබ උන්න....
කියන්න නැහැ වචන තව
මා මුවම ගොලු වීය...
පුතුව ලය මතට ගෙන
ඔබ බලයි මා දෙසම....
ආදරෙයි මා මගේ මැනික
සෙනෙහසේ ගගුල ඔබ....
*** නිශී ***
No comments:
Post a Comment