_____ සෙබලෙකුගේ සෙබල සුනඛයා ____
🦮🦮🐕🦺🐕🦺🦮🦮🐕🦺🐕🦺🦮🐕🦺
මාස ගණනක
වෙහෙස පුහුණුව
නිම කරපු මේ
චන්ඩියා
හරිම හපනෙක්
නිතර සුරතල්
හිනාවෙන් මා
අමතනා......
හදිසි මෙහෙයුම්
සෑම එකෙදිම
උපරිමේටම
ඉටු කලා
පෙරමුනට වී
ඉව කරන
ඔබ ගැන
විශ්වාසෙ සැම
තැබූවා....
කතා කරන්නට
නොහැකි වූවත්
වගකීම හොද හැටි
ඉටු කරා
මිතුරෙකුටත්
වඩා හොද හැටි
ලගින් හිද
ශක්තිය වුනා.....
සොරුන් අපරාධකරුවන්
කිසි ලෙසක මග
නොහැරියා
ගිනි අවි සහ
බෝම්බ වලටත්
ඔබෙ ඉවෙන්
සැගවෙනු
බැරි වුනා.....
රට වෙනුවෙනුයි
කරන කැපවීම්
නොදැන හෝ
ඔබ ඉටු කලා
මේ කරන පින්
මහිම ලැබගෙන
තිරිසනෙක් යලි
නොවේවා......!!!
[ තමන් ලග දැවටෙමින්, දුශ්කර පුහුනුවෙන් පසු සේවයේ යෙදෙන සුනඛයා පිලිබද සෙබලකුගේ සිතේ මොනතරම්සෙනෙහසක් ගැබ්ව ඇත්ද.....
අපම ඔවුන්ට මොනතරම් ආදරය කරයිද.....
මේ ඒ වෙනුවෙන්.... ]
*** නිශී ***
No comments:
Post a Comment