____ පුංචි දේත් සොයා බැලූ තැන
තිබ්බේ සැබෑ ප්‍රේමයයි _____
👫💏👫💏👫💏👫💏👫💏👫
බොහෝ දෙනා
සුන්දර ආදරේ
දැක්කේ
ඒක වචනෙට වඩා
බහු වචනේ තිබ්බ තැන....
මම ඔයා කියපු
තැන නෙවේ
අපි දෙන්නා
කියලා හිතපු
තැන් වල....
මම දිනනවා
නෙවෙයි
අපි දිනනවා කියලා
හීන දැක්ක තැන....
තනියම යන්න
පාර කපා ගත්ත
තැන නෙවේ
දෙන්නටම යන්න
පාර කපා ගත්ත තැන....
අමාරු තැන් වලදි
අනෙකාට
අත්වැලක් උනු
තැන....
සැපේදි වගේම
දුකේදිත්
එක වගේ
ලග හිටිය තැන....
ඔව් අපි
"ආදරේ හොයන්නේ"
පුංචි දේටත්
හයිය වෙන තැන.....
*** නිශී ***
No comments:
Post a Comment