Tuesday, May 19, 2020

_____ සෙබල - වෙදදුරු ප්‍රේමය _____

         👮👩‍⚕️👮👩‍⚕️👮👩‍⚕️

යුධ බිමේ අවිනිශ්චිත
බවට ,
නොදෙවෙනිම සැත්කම්
කාමරේ
දෙපසකට වී
සටන් දෙකකුයි
මෙහෙය වන්නයි
දෙතැනට උනේ....

කතුරු උල් පිහි
හරිම පුරුදුයි
සැත්කමින් ජීවිත
බේරුනේ
ඔබේ යුතුකම් 
ඉටුකරලා ඔබ
එනතුරුයි මා
බය වුනේ....

රට රකින ඔබ
වීර පුතෙකුයි
ආඩම්බරෙකි මා සිත
පෙලෙන්නේ
කඩවසම් ඔබේ
රූවට පෙම් බැදි
දෑස් මගේ සිත
රිද්දුවේ....

මහා සෙවනකි
ඔබ අසල මට
සෑම දාමත් 
දැනෙන්නේ
කොතෙක් රෝගීන්
දුටූවත් මං
ඔබේ විපතෙදි
වැටෙන්නේ....

සෙබල සිතකට
උරුමකම් කී
ඔබේ අයිතිය
මටම නේ
 නිසා යුධ
බිමේ කිසි දින
දිවි පුදන්නට
අවසර නැතේ....

        *** නිශී ***



No comments:

Post a Comment