Sunday, July 26, 2020

_____ ජීවිතේ දිනපු කෙනෙක් 
       හොයා ගන්නවට වඩා වටින්නේ
                   හොයා ගත්ත කෙනත් එක්ක ජීවිතේ 
දිනන එක....... 
         👫🏃🏃‍♀️👫🏃🏃‍♀️👫🏃🏃‍♀️👫

ආදරේ ලස්සන උනේම
බාධක ආපු තරමට
එකතු වෙලා බාධක දිනන
ආදර කතා ශක්තිමත්
කුණාටුසුලි සුලන් වලටත්
ඔරොත්තු දෙන තරමටම.....

හැමදේම තියෙන ජීවිතේ 
දිනපු මිනිස්සු හරි අඩුයි
ඒත් ජීවිතේ දිනන්න 
මහන්සි වෙන
දිණුම හොයන් යන 
ජීවිත ඕනි තරම්.....

එහෙම දිණුම හොයන් යන
ජීවිත දෙකක් එකතු වුනාම
 ලියවෙන ආදර කතාව
ශක්තිමත් වගේම සුන්දරයි
ඔවුන් ගොඩනගන ලෝකය
ඔවුන්ගෙමයි.......

ජීවිතේ දිනපු කෙනෙක්ගාව
අමුත්තෙක් වෙන ජීවිතේට වඩා
ජීවිතේ දිනන්න මහන්සි වෙන 
කෙනෙක්ගේ කොටස්කරුවෙක් වීම
පෙන්වයි ජීවිතයේත් , ආදරයෙත්
සැබෑම තේරුම......

              *** නිශී ***



Monday, July 20, 2020

🐠🐳🐟🐠🐳🐟🐠🐳🐟🐠🐳🐟😍😍😍
_____ ගෙදරක සුරතල් මසුන් ඇති කරන එක විනෝදාංශයක් වගේම, නිවසට ලස්සනක් එකතු කරන දෙයක්......
       මානසික පීඩනයකින් ඉන්න කෙනෙක්ට උනත් මනස නිදහස් කරගන්න ඔසුවක් වගේ දෙයක්.....
      ඉතින් ඒ වගේ විසිතුරුව ඇති කරන මගේ පුංචි මාලු පැංචෝ දෙන්නගේ සුන්දර දසුන් පෙලක් තමයි මේ...... 😍😍

#fish #aquarium #fishtank #envywear #fishporn #instafish #instagood #swim #swimming #water #coral #reef #reeftank #tropical #tropicalfish #aquaria #photooftheday #saltwater #freshwater #beautiful #ocean #watertank



Sunday, July 19, 2020

                           ____ Tattoo ___
------- සම්මත් වූද - අසම්මත කළාවක් ------
        ❌🀄️⚜️❌🀄️⚜️❌🀄️⚜️❌🀄️⚜️❌

ආසයි - බයයි වෙච්චි
හීනයක්....
තරුණ හිතක ඉබේ ඇදෙන
පිස්සුවක්.....
ගැහුවෝතින් හන්වඩු වෙන 
නාමයක්.....
රස්තියාදු නාමේ ලැබෙන
ඉක්මනක්.....

බොහෝ දෙනෙක් හදුනන්නැති
කලාවක්.....
තවත් පිරිස පිලිකුල් කල
ජරාවක්.....
ඔක්කොම හැර තව පිරිසගේ
හීනයක්.....
හරිම ඇසින් බැලුවොත් එය
කලාවක්.....

මිනිස් සමේ රූප මවන
ඇසිල්ලක්......
මෙතෙක් කියා කිවිය නොහැකි
ලස්සනක්.....
ගරහන්නට අවැසි නොමැති
කලාවක්.....
සුන්දර ලෙස කලොත් නෑනේ
වැරැද්දක්.....

               *** නිශී ***






Friday, July 17, 2020

_____ දොස්තර පුතු වැදූ මවට,
       කොහෙන් හොයන් " මාක්ස්එකක්_____
   😷🤧😷🤧😷🤧😷🤧😷🤧😷🤧😷


දසමස කුස හොවා ගමින්
වැදුවෙමි දරුවන් සතරක්
එහෙව් මවක් තනිවී ඇත
හව්හරනක් නොමැති තැනක්......

බිත්ති තෙමී උලු දියවුනු
ගේ පොඩියක සිටින මවක්
එක් පතකින් කුස පුරවන්
දොස්තර පුතු එයිද බලන්.....

දියවී ගිය එකම ඇදුම
ඇදගෙන දිවි ගෙවන මවක්
කොහොන් සොයන්නද හරියට
මූන වැසෙන "මාක්ස්එකක්.....

දොස්තර පුතු ඇගම වහන්
පරිස්සමින් ඉන්න තරම්
එහෙව් පුතුව වැදූ මවට
කොහෙන් හොයන් "මාක්ස්එකක්.....

         *** නිශී ***

Thursday, July 16, 2020

නූතන දෙවෙන්දරා හා නොරිකෝ සං
            වෙත සෙනෙහසින් ලියමී......
 🎎🎏🏮🎎🎏🏮🎎🎏🏮🎎🎏🏮

බලා සිටියෙමි
ආදරේ දෙස
දෙරටක සිට
එක් වන තුරා.....

සයුරු තරණය
කරන් ඇවිදින්
දෙවෙන්දරා ඔබ
හමුවුනා....

සකුරා පිපෙනා
වසන්තය ලග
නොරිකෝ සැමදා
මග බලා......

හිදී තවමත්
එදා වාගෙම
අලුත් ඇරඹුම
ලියවුනා.....

සුදු හමට යස
අගේට ගැලපුනු
කලු හමත් නෑ
දැන් පැරදිලා....

නොරිකෝ සං ඔබේ
උකුලේ නැලවෙන
පුංචි පුතු
සුරතල් වෙලා....

කියා දෙනවා
ලොකු කතාවක්
දෙවෙන්දරා
සමගින් ලියා.....

බලා සිටි
අවසානේ සුන්දර
දෙවෙන්දරා - නොරිකෝ
ඔබ එක් වුනු නිසා.....

          *** නිශී ***