Friday, September 23, 2022

 .... බිදුනු තැන් වලින්මයි,

               දළු දාලා වැඩෙන්නත් ඕනි ..... 🍃🍃🍃


මිනිස්සු හරිම අකමැති 

දෙයක් තමයි

අනිත් මිනිස්සුන්ට

හරියනවා බලන් ඉන්න එක,

හැමෝම නොවුනත්

බහුතරයක්ම එහෙමයි.......


මිනිස්සු වැඩියෙන්ම ආස

තමං ලග ඉන්න අය

වැටෙනවා බලන්න

අඩනවා බලන්න

විදවනවා බලන්න

තැවෙනවා බලන්න......


මිනිස්සු කැමති නෑ

තව කෙනෙක් නැගිටිනවට

සතුටින් ඉන්නවට

ජීවිතේ දිනා ගන්නවට......


මිනිස්සු හරි කැමතී

අනිත් මිනිස්සු

වැටෙන දිහා බලන් ඉන්න

 දිහා බලන් තෘප්තියක් ලබන්න......


මතක තියා ගන්න,

මේ ජීවිත කාල පරාසය තුල

ඔබ 

අනන්ත අප්‍රමාණ ඇදවැටෙයි,

සිතින් ගතින් දෙකෙන්ම

 දැකලා මිනිස්සු,

සතුටුවෙයි

ඔබට ඇගිල්ල දිගු කරමින්

නොයෙක් කතා කියයි


ඔවුන් ඔබේ ඇදවැටීම් හමුවේ

ස්වයං තෘප්තියක් ලබයි.....


නමුත්,

කොයිම ලෙසකින්වත් ඔබ

ජීවිතය අත් අහරින්න එපා

ඔබ ඔබවම ශක්තිමත් කරගන්න

ඔබවම දිරිමත් කරගන්න......


දවසක ඔබ  මග දිගේ

හැරිලා බලද්දී

ඔබටම ඔබ ගැන ආඩම්භර

හිතෙන තැනට ජීවිතය දිනා ගන්න......


චීන උණගසක් වගේ

 දළු දාගෙන නැගිටින්න

 පුරාවෘත්තයක් වෙන්න බැරි වුනත්

ඔබේ කතාවේ වීරයා ඔබ වෙන්න

පුලුවන් තරමට ජීවිතය දිනා ගන්න.......


           *** නිශී ***

IMG_6512.jpeg


Sunday, July 26, 2020

_____ ජීවිතේ දිනපු කෙනෙක් 
       හොයා ගන්නවට වඩා වටින්නේ
                   හොයා ගත්ත කෙනත් එක්ක ජීවිතේ 
දිනන එක....... 
         👫🏃🏃‍♀️👫🏃🏃‍♀️👫🏃🏃‍♀️👫

ආදරේ ලස්සන උනේම
බාධක ආපු තරමට
එකතු වෙලා බාධක දිනන
ආදර කතා ශක්තිමත්
කුණාටුසුලි සුලන් වලටත්
ඔරොත්තු දෙන තරමටම.....

හැමදේම තියෙන ජීවිතේ 
දිනපු මිනිස්සු හරි අඩුයි
ඒත් ජීවිතේ දිනන්න 
මහන්සි වෙන
දිණුම හොයන් යන 
ජීවිත ඕනි තරම්.....

එහෙම දිණුම හොයන් යන
ජීවිත දෙකක් එකතු වුනාම
 ලියවෙන ආදර කතාව
ශක්තිමත් වගේම සුන්දරයි
ඔවුන් ගොඩනගන ලෝකය
ඔවුන්ගෙමයි.......

ජීවිතේ දිනපු කෙනෙක්ගාව
අමුත්තෙක් වෙන ජීවිතේට වඩා
ජීවිතේ දිනන්න මහන්සි වෙන 
කෙනෙක්ගේ කොටස්කරුවෙක් වීම
පෙන්වයි ජීවිතයේත් , ආදරයෙත්
සැබෑම තේරුම......

              *** නිශී ***



Monday, July 20, 2020

🐠🐳🐟🐠🐳🐟🐠🐳🐟🐠🐳🐟😍😍😍
_____ ගෙදරක සුරතල් මසුන් ඇති කරන එක විනෝදාංශයක් වගේම, නිවසට ලස්සනක් එකතු කරන දෙයක්......
       මානසික පීඩනයකින් ඉන්න කෙනෙක්ට උනත් මනස නිදහස් කරගන්න ඔසුවක් වගේ දෙයක්.....
      ඉතින් ඒ වගේ විසිතුරුව ඇති කරන මගේ පුංචි මාලු පැංචෝ දෙන්නගේ සුන්දර දසුන් පෙලක් තමයි මේ...... 😍😍

#fish #aquarium #fishtank #envywear #fishporn #instafish #instagood #swim #swimming #water #coral #reef #reeftank #tropical #tropicalfish #aquaria #photooftheday #saltwater #freshwater #beautiful #ocean #watertank



Sunday, July 19, 2020

                           ____ Tattoo ___
------- සම්මත් වූද - අසම්මත කළාවක් ------
        ❌🀄️⚜️❌🀄️⚜️❌🀄️⚜️❌🀄️⚜️❌

ආසයි - බයයි වෙච්චි
හීනයක්....
තරුණ හිතක ඉබේ ඇදෙන
පිස්සුවක්.....
ගැහුවෝතින් හන්වඩු වෙන 
නාමයක්.....
රස්තියාදු නාමේ ලැබෙන
ඉක්මනක්.....

බොහෝ දෙනෙක් හදුනන්නැති
කලාවක්.....
තවත් පිරිස පිලිකුල් කල
ජරාවක්.....
ඔක්කොම හැර තව පිරිසගේ
හීනයක්.....
හරිම ඇසින් බැලුවොත් එය
කලාවක්.....

මිනිස් සමේ රූප මවන
ඇසිල්ලක්......
මෙතෙක් කියා කිවිය නොහැකි
ලස්සනක්.....
ගරහන්නට අවැසි නොමැති
කලාවක්.....
සුන්දර ලෙස කලොත් නෑනේ
වැරැද්දක්.....

               *** නිශී ***






Friday, July 17, 2020

_____ දොස්තර පුතු වැදූ මවට,
       කොහෙන් හොයන් " මාක්ස්එකක්_____
   😷🤧😷🤧😷🤧😷🤧😷🤧😷🤧😷


දසමස කුස හොවා ගමින්
වැදුවෙමි දරුවන් සතරක්
එහෙව් මවක් තනිවී ඇත
හව්හරනක් නොමැති තැනක්......

බිත්ති තෙමී උලු දියවුනු
ගේ පොඩියක සිටින මවක්
එක් පතකින් කුස පුරවන්
දොස්තර පුතු එයිද බලන්.....

දියවී ගිය එකම ඇදුම
ඇදගෙන දිවි ගෙවන මවක්
කොහොන් සොයන්නද හරියට
මූන වැසෙන "මාක්ස්එකක්.....

දොස්තර පුතු ඇගම වහන්
පරිස්සමින් ඉන්න තරම්
එහෙව් පුතුව වැදූ මවට
කොහෙන් හොයන් "මාක්ස්එකක්.....

         *** නිශී ***

Thursday, July 16, 2020

නූතන දෙවෙන්දරා හා නොරිකෝ සං
            වෙත සෙනෙහසින් ලියමී......
 🎎🎏🏮🎎🎏🏮🎎🎏🏮🎎🎏🏮

බලා සිටියෙමි
ආදරේ දෙස
දෙරටක සිට
එක් වන තුරා.....

සයුරු තරණය
කරන් ඇවිදින්
දෙවෙන්දරා ඔබ
හමුවුනා....

සකුරා පිපෙනා
වසන්තය ලග
නොරිකෝ සැමදා
මග බලා......

හිදී තවමත්
එදා වාගෙම
අලුත් ඇරඹුම
ලියවුනා.....

සුදු හමට යස
අගේට ගැලපුනු
කලු හමත් නෑ
දැන් පැරදිලා....

නොරිකෝ සං ඔබේ
උකුලේ නැලවෙන
පුංචි පුතු
සුරතල් වෙලා....

කියා දෙනවා
ලොකු කතාවක්
දෙවෙන්දරා
සමගින් ලියා.....

බලා සිටි
අවසානේ සුන්දර
දෙවෙන්දරා - නොරිකෝ
ඔබ එක් වුනු නිසා.....

          *** නිශී ***



Friday, June 26, 2020

_____ සුරත රැදුනු - සෙනෙහස _____
       👫👫💓💓👫👫💓💓👫👫💓💓

නිමාවක් නොවූ
ආදරේ ලග
පැතුම් පොදි නම්
විසිරිලා....

අත්නොහැර යන
මාවතේ ඔබ
මගේ දෑතෙම
පැටලිලා....

හරිම අරුතක්
සොයන්නට බැරි
සෙනෙහෙ අරුතක්
ලියවෙලා.....

ඔබේ නොවන ඔබ
මගේ නොවන මම
අපේම ලෝකෙක
තනිවෙලා....

සෙනෙහෙ ඉතිරුනු
ආදරේ ලග
ඔබේ උණුසුම
ලියවිලා.....

            *** නිශී ***

Wednesday, June 17, 2020

______ මෙහෙණිය ______
         ☸️☸️☸️☸️☸️

බුදුන් වැඩි මග
වඩින පින්වත්
කසාවත හිමි
මෑණියෝ....

සසුණ රැකුමට
දෙසා ඔවදම්
සැදැහැ සිත් සැම
සැනසුවෝ....

ජීවිතේ සැම
බැදීම් අත් හැර
වනම මගකට
පිවිසියෝ....

දිගු කේශ කැපු 
මුඩුම වූ හිස
අත් හැරිය ආශා
පෙන්වුවෝ....

සෑම කතටම
ලැබීමක් නැත
පැවිදි දිවියට
උරුම වූ.....

සීනි බෝල අරුමෝසම් 
ලොව තුල
අනෙක් ගැහැණු අපි
තනිවුනෝ.....

           *** නිශී ***



Tuesday, June 9, 2020

_____ සෙනෙහසේ දායාදය ______
      🤱🤱🤱🤱👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧

 බොහෝ බාධක
පසුකරන්
මතකද දිණුව හැටි
ආදරේ අපේ....

අත් හැරෙන්නම
ආපු තැන් වල
තදින් අල්ලා ගත්ත
හැටි අප
තවත් මතකයි
එදා වාගෙම.....

යුද්ධ නොකරත්
මහා සටනක්
දිනා එක් වූ
අපේ දිවිමග
දිනෙන් දින 
සතුටින් ගෙවූ
අරුමය
තවත් පුදුමයි
මගේ රන්කද....

අපේ සෙනෙහසේ
නියම අරුතයි
ලොවම ලැබුවා සේ
දෑත මත අද
කිරි සිනා පා
මගේ පණ ටික
මෙයයි සෙනෙහස
සැබෑ අරුමය..... 

              *** නිශී ***