Thursday, January 30, 2020

My 1st news paper picture ....
30/01/2020
** The Island **
____

Sunday, January 26, 2020

රැවුල්කාර දඩබ්බරයා.....

කෙල්ලෝ  කැමතිම
කොල්ලන්ගේ රැවුලටලූ.....
නිතර අත ගගා 
අතින් හදන
රැවුල් කොට වලටලූ....

කෙල්ලෝ ආසම
හරි හරියට
වැවුනු
රැවුල් කොට අස්සේ
අතින් කෝලම් අදින්නලු....

කොල්ලෝ ආසත් 
ඒමලු....
හරි පරිස්සමට
වැව්වු රැවුල් කොට
අස්සේ
කෙල්ල අතින්
රටා අදිනවටලු....

රැවුල වවපු 
කොල්ලෝ
හරි නපුරු 
පාටලූ....
කෙල්ලො කියන්නෙම
ඒමලූ....

ඒත් කෙල්ලෝ 
හිතින් ආසම
චුට්ටක් නපුරු
ඒම
කොල්ලන්ටලු.....

රැවුල වවපු
කොල්ලෝ
හරි ආඩම්බරයිලු
යන්නෙම හරි
උඩින්ලූ....
කෙල්ලොත් ආස 
ඒමලූ....

ආඩම්බරකාර
නපුරු රැවුල් කාරයො
කෙල්ලන්ගේ හිතේ
ඉන්න කුමාරයොලූ....

 හින්දම.....
රැවුල් කාරයෙක්ට
පෙම් බදිමි.....
නපුරු,ආඩම්බරකාර
රැවුල් කාරයෙක්ට.....🥰🥰🥰

       *** නිශී ***


Saturday, January 25, 2020

කිල්ල සහ ගැහැණිය....

ගැහැණියගේ උපත මෙසේ වෙයි
සරමක්ද චීත්තයක්ද...
චීත්තයක්....

ගැහැණියක් වන්නේම
පෙර කල පවට වේ 
නම්,
කිමද සිදුහතුන් ගැහැණු
කුසකින් එළිය
දුටුවේ....

උඩ මලුව කිලි
ගෑණුන්ට පමණ නම්
ගෑණු හත අට
එක්ක නිදිවැදි
පිරිමි කෝමද 
මලුව වදින්නේ...

මාස් ශුද්ධිය
අපායක් වුණු
ගෑණු සැගවී
දින ගෙවන්නේ...

 දිනේටත්
යහන් ගතවන
පිරිමි ඇයි
කාමෙන් දැවෙන්නේ...

දසමසක් දුක් 
ගැහැට විදගෙන
දරුවා ලෝකෙට 
බිහි කරන්නේ...

එහෙව් කල
ගැහැණියම තුන් මස
යන තුරා කිලි
මවක් වන්නේ...

     *** නිශී ***



Monday, January 6, 2020

_____ දෑස හරි කාන්සියෙන්
       ඉන්නේ
කවදාද, ආයේ නුබ
       එන්නේ ______

පෙර දිනෙක ඔබ
යන්න කලියෙන්
කාලෙ ගෙවුනා
ඉක්මනින්....

ඈත් දැන් නුබ
ගිහින් දුරු රට
කාලේ ගෙවෙන්නේ
හරි හෙමින්.....

ඈත අහස දෙස
බලා ඉන්නට
පුරුද්දක් වී
ඉක්මනින්...

එන්නේ කවදද
අහස් කුස සිට
බලා ඉන්නෙමි
කාන්සියෙන්....

කතා කෙරුවත්
දුරින් ඉදලා
ලගින් වාගේ
නෑ ඉතින්...

එදා වාගෙම
තවත් එහෙමයි
ආදරේ අඩු
නෑ ඉතින්....

ඉක්මනින් යලි
එනතුරා මග
බලන් ඉන්නෙමි
සෙනෙහසින්....

පිරී තිබුනත්
දුකින් මා සිත
නොපෙන්වා ඉමි
ආදරෙන්....

      *** නිශී ***
<<<<< කතා කරන පින්තූර >>>>>

 ______ රණවිරුවකුට පෙම්
                  කලෙමි ______

ආදරේ නම්
හරි ම පුදුමයි
යුධ බිමක් සේ
ගිණියම් වෙලා

රාජකාරිය නිම
වෙලා ඔබ
එනතුරා මග
බලමි මා

මාස ගනනක්
නොදැක ඔබෙ වත
තුන් සිතම
ඔද්දල් වෙලා

දෙවියෝ රැක දෙන්
මගේ රන් කද
රණ බිමේ දුක්
පරදවා....

පුංචි පුතු ලොව
එළිය දුටුවත්
ඔබ තාම පුතු
නොදුටුවා

කිරි සිනා පා
බෝල ඇස් දෙක
සොයන්නේ
පිය තුම තමා

_____________ 😑😑  😢😢 _________

මහා මූසල අදුරු
හැගුමක්
සිත පුරා
හොල්මන් කරා

සිතුවේ නෑ මා
කවම දා වත්
මට කලින් ඔබ
යයි කියා

පුතුට පියතුම
දකින්නට වත්
ඇයිද මේ
බැරි වී ගියා

පුතුත් නැති නම්
මාත් එන්නෙමි
ඔබත් සමගින්
සුර ලොව සොයා

සොහොන් බිම තුල
ඔබ සොයා ගෙන
පුතුත් සමගින්
එමි මෙමා

එදා කියු රස
කතා කියනවද
ඔබේ පුතු
උකුලින් තියා.....

          *** නිශී ***



       ජීවිතේ ඉහලම ඉන්න අයට එක දුන්නම,
       එයාලගේ පොඩි වෙනසත්
       දරාගන්න බැරුව දගලන මිනිස්සු,
       අන්තිමේ ඒ වෙනස්කම් වලට
       ඇබ්බැහි වෙලා
       උනු දෙයක් උනාවේ කියලා ඉන්නවා.

අන්න එහෙම ඉන්න කාලෙට
ඒ මිනිස්සුන්ටම වෙනම නමක් කියනවා,
ඒ තමයි, 
කිසිම "හිතක් පපුවක් නැති මිනිස්සු"
කියන නම....