Saturday, May 30, 2020

____ පුංචි දේත් සොයා බැලූ තැන
                   තිබ්බේ සැබෑ ප්‍රේමයයි _____
👫💏👫💏👫💏👫💏👫💏👫

බොහෝ දෙනා 
සුන්දර ආදරේ 
දැක්කේ
ඒක වචනෙට වඩා
බහු වචනේ තිබ්බ තැන....

මම ඔයා කියපු
තැන නෙවේ
අපි දෙන්නා
කියලා හිතපු
තැන් වල....

මම දිනනවා
නෙවෙයි
අපි දිනනවා කියලා
හීන දැක්ක තැන....

තනියම යන්න
පාර කපා ගත්ත
තැන නෙවේ
දෙන්නටම යන්න
පාර කපා ගත්ත තැන....

අමාරු තැන් වලදි
අනෙකාට
අත්වැලක් උනු
තැන....

සැපේදි වගේම
දුකේදිත්
එක වගේ
ලග හිටිය තැන....

ඔව් අපි 
"ආදරේ හොයන්නේ"
පුංචි දේටත්
හයිය වෙන තැන.....

          *** නිශී ***



Thursday, May 21, 2020

_____ සෙබලෙකුගේ සෙබල සුනඛයා ____
                
              🦮🦮🐕‍🦺🐕‍🦺🦮🦮🐕‍🦺🐕‍🦺🦮🐕‍🦺

මාස ගණනක
වෙහෙස පුහුණුව
නිම කරපු මේ
චන්ඩියා
හරිම හපනෙක්
නිතර සුරතල්
හිනාවෙන් මා
අමතනා......

හදිසි මෙහෙයුම්
සෑම එකෙදිම
උපරිමේටම 
ඉටු කලා
පෙරමුනට වී
ඉව කරන 
ඔබ ගැන
විශ්වාසෙ සැම
තැබූවා....

කතා කරන්නට
නොහැකි වූවත්
වගකීම හොද හැටි
ඉටු කරා
මිතුරෙකුටත්
වඩා හොද හැටි
ලගින් හිද
ශක්තිය වුනා.....

සොරුන් අපරාධකරුවන්
කිසි ලෙසක මග
නොහැරියා
ගිනි අවි සහ
බෝම්බ වලටත්
ඔබෙ ඉවෙන්
සැගවෙනු 
බැරි වුනා.....

රට වෙනුවෙනුයි
කරන කැපවීම්
නොදැන හෝ 
ඔබ ඉටු කලා
මේ කරන පින්
මහිම ලැබගෙන
තිරිසනෙක් යලි
නොවේවා......!!!

   තමන් ලග දැවටෙමින්දුශ්කර පුහුනුවෙන් පසු සේවයේ යෙදෙන සුනඛයා පිලිබද සෙබලකුගේ සිතේ මොනතරම්සෙනෙහසක් ගැබ්ව ඇත්ද..... 
     අපම ඔවුන්ට මොනතරම් ආදරය කරයිද.....
     මේ  වෙනුවෙන්.... ]
       

           *** නිශී ***




Tuesday, May 19, 2020

_____ සෙබල - වෙදදුරු ප්‍රේමය _____

         👮👩‍⚕️👮👩‍⚕️👮👩‍⚕️

යුධ බිමේ අවිනිශ්චිත
බවට ,
නොදෙවෙනිම සැත්කම්
කාමරේ
දෙපසකට වී
සටන් දෙකකුයි
මෙහෙය වන්නයි
දෙතැනට උනේ....

කතුරු උල් පිහි
හරිම පුරුදුයි
සැත්කමින් ජීවිත
බේරුනේ
ඔබේ යුතුකම් 
ඉටුකරලා ඔබ
එනතුරුයි මා
බය වුනේ....

රට රකින ඔබ
වීර පුතෙකුයි
ආඩම්බරෙකි මා සිත
පෙලෙන්නේ
කඩවසම් ඔබේ
රූවට පෙම් බැදි
දෑස් මගේ සිත
රිද්දුවේ....

මහා සෙවනකි
ඔබ අසල මට
සෑම දාමත් 
දැනෙන්නේ
කොතෙක් රෝගීන්
දුටූවත් මං
ඔබේ විපතෙදි
වැටෙන්නේ....

සෙබල සිතකට
උරුමකම් කී
ඔබේ අයිතිය
මටම නේ
 නිසා යුධ
බිමේ කිසි දින
දිවි පුදන්නට
අවසර නැතේ....

        *** නිශී ***



____ සියුම් තැන් ____
           🏺⚱️🗿👩‍🎨👨‍🎨🗽🗽

පියවි දෑසට පවා
නොපෙනුනු
සියුම් අහුමුලු
හරි අපූරුය

අවුල් වූ සිත්
නිවා සහහන
කලාකරු වැඩ
විශ්කමක්මය.....

ලොවක් මවිතව
දැක බලා යන
සජීවී ගුණ පිරි
පෙළහරක්මය

කලාකරු නෙත්
දෑත් මවනා
රූ සොබා
නම් සැබෑවක්මය....

 ( අපි නොසිතනඑහෙත් කලාකරුවන් හරි අපූරුවට නිර්මාණය කල සියුම් තැන්.... )

         *** නිශී ***









Monday, May 18, 2020

______ යතුරු ලෑ
                       ප්‍රේමය ______ 🔐🔓🔏🔒

[ Namsan tower -: Seoul - south korea 🇰🇷 ]

යතුරුලමි ප්‍රේමයට
ගිලිහෙන්න යලි
නොහැකි
ලෙසටම....

පරිස්සම්නම් 
 , 
ඉබි යතුරු
ලෑ ,
ආදරේ 
විහරහවක් 
ගැන කතා
කුමටද....

නම්සමේ පාමුල
සකුරා හැඩකල
මාවතේ
එක්ව පියනැගු
යතුරු ලෑ
ආදර කතා
කොතෙක් නම් 
සුන් වෙලා 
යනවද....

එහෙව් ලෝකෙක
සදාකාලික
සමරුවක් ලෙස
මතක පමනක්
ඉතුරු කරමින්
නම්සන් කුලුණ
දෙපස
ලොක්ඩවුන් වූ
ආදර
සදාකල්හිම
බලා හිදිනු ඇත.....

  🔐🔓🔏🔒🔐🔓🔏🔒💔💔

         *** නිශී ***










Saturday, May 9, 2020

එයා ආසම
        දිග කොන්ඩේ.....

💇🏻‍♀️💇🏻‍♀️💇🏻‍♀️💇🏻‍♀️💇🏻‍♀️💇🏻‍♀️💇🏻‍♀️💇🏻‍♀️

දිගම දිග කොන්ඩයක්
කෙල්ලෙකුට ආභරණයක්
තවත් විදිහකට
ආඩම්බරයක්....

දණින් පහලට වැටුනු
කෙල්ලෙක්ගේ කොණ්ඩෙක
මුල්ම අයිතිකාරයා
ආදරණීය අම්මා.....

ආදරෙන් ඒ කොන්ඩේ
රැකගත්ත
හරි ආදරෙන් පරිස්සම් කෙරුව
අම්මා.....

කෙල්ලො ආසයි
කොන්ඩෙට හැඩ වැඩ දාන්න
පාට කරන්න
මෝස්තර දාන්න....

ඒත් අම්මට පස්සේ
තවත් අයිතිකාරයෙක්
ඒ කොන්ඩෙට එනවා
ඒ තමයි එයා....

කෙල්ලගේ දිග කොන්ඩේ
ආදරෙන් අත ගාන
වියතෙන් වියත
වැවෙන හැටි බලන එයා.....

පොඩ්ඩක් හරි
කපන්නද හැහුවොත්
දෙවනි ලෝක යුද්දේ
නටන එයා.....

කොන්ඩේ සම්පූර්ණ අයිතිය
එයාට අරන්
පොඩ්ඩක් හරි කැපුවොත්
බෙල්ල මුලින්ම කපනවා
කියන එයා....

💇🏻‍♀️💇🏻‍♀️💇🏻‍♀️💇🏻‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️

කොල්ලෝ කෙල්ලගේ
කොන්ඩෙට ඒ තරම් ආසයි
ගොතලා හැඩ බලන්න
ලස්සනට පීරන්න
එයාලා ආසයි....

ඒ හින්දම දිග කොන්ඩයක්
කෙල්ලෙක්ට අමතරව
බෝනස් එකක්ම තමා....
ඕනේ කෙනෙක්ගේ දෙපාරක්
හැරිලා බලන.....

    💆🏼‍♀️💆🏼‍♀️💆🏼‍♀️💆🏼‍♀️💆🏼‍♀️🧏🏻‍♀️🧏🏻‍♀️🧏🏻‍♀️

        *** නිශී ***